සම්මානිත රංගන ශිල්පිනි නදී කම්මැල්ලවීර නැවත වරක් ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍යයකට සිය රංගන දායකත්වය ලබා දෙන බවට වාර්තා වනවා.

 

 
රුසියානු සාහිත්‍යවේදීයකු සහ නාට්‍යවේදියකු වූ ඇන්ටන් චෙකොෆ්ගේ අවසන් වේදිකා නාට්‍ය නිර්මාණය වන The Cherry Orchard (චෙරි උයන) හි නව නිෂ්පාදනයකටයි ඇය ඒ අනුව එක් වී සිටින්නේ. 
 
වාර්යා නම් දරුකමට හදාගත් දියණියගේ චරිතයට නදී පණ පොවන අතර ප්‍රධාන චරිතය වන මදාම් රනෙව්ස්කි චරිතයට පණ පොවන්නේ පැමලා රේබ් විසිනි.   
 
ඕස්ට්‍රේලියාවේ ප්‍රකට Belvoir නාට්‍ය සමාගමේ කලා අධ්‍යක්ෂ ඒමන් ෆ්ලැක් විසින් මෙම වේදිකා රංගය අධ්‍යක්ෂණය කරනු ලබ යි.
 
The Cherry Orchard මැයි 29 වැනිදා සිට ජූනි 27 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී වේදිකා ගත කෙරේ. 
 
එස්. ශක්තිධරන්ගේ තිර රචනයකට අනුව ඒමන් ෆ්ලැක් විසින් අධ්‍යක්ෂණය කළ ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍යයක් වූ Counting And Cracking (ගණන් නොගන්නේ නම් ගණන් කරන්න) සඳහා ද නදී කම්මැල්ලවීර මින්පෙර සිය රංගන දායකත්වය සපයා තිබුණි.
 
(අවාරා)
 
 
සබැඳි පුවත් 
 

 

 

 


 

THE LEADER TV 
 

හොර පාරේ පොහොට්ටුවට එන්නත් ගිය හැටි මෙන්න තොරතුරු එළියට...

 

 

ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්