"කොළඹ අභිමානය 2021" (Colombo Pride) කෙටි චිත්‍රපට තරගය සඳහා නිර්මාණ බාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
LGBTIQ+ ප්‍රජාවේ කතාබහට ලක් විය යුතු සංසිද්ධීන් හා මාතෘකා රැගත්, "ආදරයෙන් ඉමු" යන තේමාව යටතේ කෙටි චිත්‍රපට මේ සඳහා යොමු කළ හැකි බවයි සංවිධායකයින් පවසන්නේ.
සෑම නිර්මාණයක්ම උපරිම විනාඩි 5ක කාලයකට සීමා විය යුතු අතර ජංගම දුරකථනයකින් රූගත කළ චිත්‍රපට මෙන්ම සජීවිකරණ චිත්‍රපට ද තරගය සඳහා බාර ගැනේ. චිත්‍රපට එවිය යුතු ආකෘතිය MP4 ය.
ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම හා ජයග්‍රාහී නිර්මාණ ප්‍රදර්ශනය කිරීම 2021 අභිමානි චිත්‍රපට උලෙළේ දී සිදු කෙරේ.
චිත්‍රපට ඉදිරිපත් කිරීම සඳහා අවසාන දිනය ජුනි 30 වැනිදා යි.
(අවාරා)
THE LEADER TV
ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?
තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!