නවයුගා කුගරාජාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන "පොට්ටු" කෙටි චිත්‍රපටයේ සංගීත වීඩියෝව ඊයේ (07) දින අන්තර්ජාලයට නිකුත් කෙරුණි.
 
 
"නෛයප්පුඩෙයි" නැතිනම් "සිහින පාරමී" නමින් නම් කළ මේ ගීතයේ දමිල හඬ දායකත්වය සාහිත්‍යා ගජමුහන්ගේ වන අතර සිංහල හඬ දායකත්වය සිලානි තුමාරාගේ ය. 
 
 
"උත්සාහය, කැපවීම තියෙනවනම් කාන්තා, පිරිමි භේදයක් නැතිව ඕනෑම ඉලක්කයක් කරා ගමන් කරන්න පුළුවන් කියන එකයි ගීතයට තේමා වුණේ," යැයි හංසවිල වෙත අදහස් දක්වමින් නවයුගා කියා සිටියා ය.  
 
 
ගීතයේ සිංහල පද අමුණා ඇත්තේ මනෝහාරී හේවාවසම් විසිනි. එහි දමිල පද බැඳුම අධ්‍යක්ෂිකා නවයුගා කුගරාජාගේ ය.
 
 
"සිහින පාරමී කියන්නේ පොට්ටු කෙටි චිත්‍රපටයේ Making song එක. කෙටි චිත්‍රපටයේ Making Video අරගෙන මියුසික් වීඩියෝ එක හැදෙන්නේ.
 
 
191888398 4214111705277191 860619742495942893 n 
 
පොට්ටු, මගේ කෙටි චිත්‍රපටයෙන් කතා කරන්නේ සම්ප්‍රදායික දමිල වැන්දඹුව ගැන.
 
 
පොට්ටුව කියන්නේ දමිළ කාන්තාවන්ගේ ජිවිතයේ හරිම වැදගත් දෙයක්. ඔවුන් පොඩි කාලේ ඉඳන් ආසා කරන දෙයක්. දමිල සම්ප්‍රදායක් තියෙනවා විවාහය දවසේ ස්වාමි පුරුෂයා අතින් බිරිඳගේ නළලේ කුංකුම තියන. අවිවාහක කෙනෙක් කුංකුම තියාගන්නේ නැහැ. ඒ වගේම විවාහයෙන් පස්සේ ගැහැණු කෙනෙක් කුංකුම නැතුව කොහෙවත් යන්නේ නැහැ. එහෙම යනවනම් සංඛේතාත්මකව කියවෙන්නේ ස්වාමියා මිය ගිහිල්ලා කියන එක. ඒ සමාජයේ අය හිතන්නේ එහෙම.
 
 
සහකාරයා නැතිවුනාම පිරිමි ද ගැහැණු ද කියලා නෑ හැමෝම මානසිකව වැටෙනවා. එතකොට, සමාජයෙන් කියනවා පොට්ටු තියන්නත් හොඳ නැහැ කියලා. පොඩි කාලේ ඉඳන් ආස කරන දේ එක මොහොතින් නවත්වන්න ඇයට සිද්ද වෙනවා. හැමදාම ගිහින් කන්නාඩියෙන් මුහුණ බලන එයාට ඒක දැනෙනවා. එතන අහිමිවීම් දෙකක්.
 
 
ගැහැණු කෙනෙක් දිනපතා අඛණ්ඩව කරන දෙයක් එකපාරටම නැති වුණාම සමාජයෙන් කොන් කරනවා වගේ දැනෙනවා. මොන උත්සවයක දී වත් ඔවුන් ඉස්සරහට ගන්නේ නැහැ. අපි හිතාගෙන හිටියට දැන් සමාජයේ මේ වගේ සංකල්ප නැහැ කියලා ඒත්, ඒවා තාම තියනව. 
 
 
මම රිසර්ච් එකක් කළා යාපනය, උඩරට ප්‍රදේශවලට ගිහින්. ඒ පළාත්වල තාම මේ සම්ප්‍රදාය හොඳටම කෙරෙනවා. ස්වාමි පුරුෂයා මියගියාම ඒ මියගිය පුද්ගලයාගේ අතින් බිරිඳගේ පොට්ටුව මකනවා. ඒක කෙරෙන්නේ විවාහ දවසේ වගේ හොඳට ඇඳුම්, ආභරණ අන්දලා ගෙනල්ලා තියලා. ඊට පස්සේ ඇයගේ මල් ගලවලා දාලා, වළලු කඩලා, පොට්ටුව මකලා දානවා. 
 
 
185263784 4150974638257565 5582823452243959904 n 
 
 
පොට්ටු කියන්නේ දමිල කාන්තාවගේ අයිතිය. මේ සම්ප්‍රදාය කාන්තාවකගේ අයිතිය අහිමි කරනවා. කවුරුත් ඒ ගැන කතා කරන්න ඉස්සරහට එන්නෙත් නැහැ. ඔවුන් හරි බයයි ඒ ගැන කතා කරන්න. මගෙත් එක්ක කතා කරපු සමහර කාන්තාවෝ කියනවා ඉස්සර සාරි, හැට්ට සුදු පාටින් විතරයි අඳින්න දුන්නේ ඒත් දැන් පාට හැට්ටයක් අඳින්න දෙනවනේ කියලා. ඒකම ලොකු දෙයක් ව්දියට තමයි ඔවුන් සලකන්නේ."
 
 
මිනිත්තු 12ක් පුරා දිවෙන "පොට්ටු" කෙටි චිත්‍රපටය, ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ වැඩසටහන (SRP) යටතේ නිර්මාණය කෙරුණකි.
 
      
"මගේ කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්න දමිල, සිංහල, මුස්ලිම් හැමෝගේම දායකත්වය ලැබුණා. විශේෂයෙන්ම කාන්තා සහාය ගැන කතා කළ යුතුයි. කැමරා අධ්‍යක්ෂණයට, හඬ සැලසුම්, අංග රචනය, ඇඳුම් නිර්මාණය ඇතුළු බොහෝ කටයුතුවලට මූලිකත්වය ගත්තේ කාන්තාවෝ." 
 
 
"පොට්ටු" කෙටි චිත්‍රපටය මෙම සතිය තුල දී අන්තර්ජාලයට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව යි නවයුගා අප සමඟ වැඩිදුරටත් කියා සිටියේ.
 
 
 
 
 
Music: MC Raj
Vocals: Sahithya Gajamugan, Silani Thumara
Rap written and performed by: MC Raj
Lyrics: Manohari Hewawasam, Navayuga Kugarajah
Mixing and Mastering: Sanjit Lucksman
Recorded at: Rooftop Studio Bar
DOP: Eranga Gunasingha
Edit: Joshuah Heby
Produced by:Navayuga Kugarajah
 
 
 
Pottu - Shortfilm Teaser
 
 
 
 
(අවාරා)
 
 
THE LEADER TV 
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව
 
.
 
 
ITN සභාපති : ජනපතිට හා අගමැතිට හයිය පෙන්නයි!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්