ඉංග්‍රීසි බසින් ග්රන්ථකරණයෙහි නිරතවන ශ්‍රී ලාංකික ලේඛකයින් වෙත පිරිනැමෙන උසස්ම සම්මානය ලෙස සැලකෙන “ග්‍රේෂියන් ත්‍යාගය”
දිනා ගැනීමට කාමෙල් මිරැන්ඩා පසුගියදා සමත්විය.
ඉකුත් සිකුරාදා (2) ඔන්ලයින් ඔස්සේ පැවැත්වුණු වැඩසටහනක දී ජයග්‍රාහකයා නම් කළ අතර ඇයට මෙම ජයග්‍රහණය හිමිවුයේ "Crossmatch" කෘතිය වෙනුවෙනි.
එසේම, ඉංග්‍රීසියට හරවන ලද හොඳම සිංහල හෝ දමිල සාහිත්‍ය කෘති වෙනුවෙන් පිරිනැමෙන "H.A.I. ගුණතිලක ත්‍යාගය" මෙවර හිමිවූයේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "සෙංකොට්ටන්" කෘතිය "The Indelible" නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ මලින්ද සෙනෙවිරත්නට ය.

බුකර් සම්මානයෙන් පිදුම් ලද ‘The English Patient’ ග්රන්ථයට හිමි වූ ත්‍යාග මුදල යොදවමින්, මයිකල් ඔන්ඩාචි නම් වූ ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකික කතුවරයා විසින් 1992 වසරේ දී ග්‍රේෂියන් ත්‍යාගය පිරිනැමීම ආරම්භ කරන ලදී.
මයිකල් ඔන්ඩාචි
එතුමාගේ මෑණියන් වූ ඩොරිස් ග්‍රේෂියන් වෙනුවෙන් නම් කරන ලද එම සම්මානය ලබා දීමේ අරමුණ වන්නේ ඉංග්‍රීසි බසින් ග්රන්ථකරණයෙහි යෙදෙන ලාංකිකයන් උනන්දු කරවීම යි. ආරම්භයේ පටන් මේ තාක් “ග්‍රේෂියන් සම්මානය” වාර්ෂිකව පිරිනැමේ.
##########
THE LEADER TV
පන්සල් පල්ලි වානා - ස්පා තමයි ඕනා...!
බැසිල් අයියලට කොන්දේසි දමයි !