ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය පිරි ත්‍රාසජනක සිනමාපටයක් වන 'Titane' මෙවර කාන් සිනමා සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය දිනාගෙන තිබෙනවා.


ඒ අනුව, Palme d'Or සම්මානය දිනාගත් දෙවැනි කාන්තාව මෙන්ම එම සම්මානය තනිව දිනාගත් පළමු කාන්තාව ලෙස මෙම සිනමාපටයේ අධ්‍යක්ෂිකා ජුලී දුකුර්නු වාර්තා පොත් අතරට එක්විය.

ඇයගේ දෙවැනි වෘතාන්ත සිනමාපටය වන මෙය, කුඩා කළ සිදුවූ රිය අනතුරකින් දිවි ගලවාගත් අසාමාන්‍ය ලිංගික චර්යාවක් සහිත තරුණ මිනීමරු කතක වටා ගෙතෙයි.

p09ph996

එදා මෙදා තුර කාන් සිනමා උළෙලේ දී ඉදිරිපත් කෙරුණු අතිශය කම්පන උපදවන සිනමාපට අතුරින් එකක් ලෙස Titane විවේචනයට බඳුන් වී තිබුණි.

මෙවර කාන් සිනමා උළෙලේ Grand Prix සම්මානය සිනමාපට දෙකකට හිමිවිය. එය බෙදී ගියේ ඔස්කාර් සම්මානලාභී ඉරාන අධ්‍යක්ෂ අස්ගර් ෆර්හාඩිගේ A Hero සහ ජුහෝ කුස්මානෙන්ගේ Compartment No 6 යන සිනමාපට අතරේ ය.

 

Best

රේනා රේන්ස්වේ - කාලෙබ් ලැන්ඩ්‍රි


The Worst Person In The World සිනමාපටයේ රංගනය වෙනුවෙන් නෝවේජියානු රංගන ශිල්පිනි රේනා රේන්ස්වේ හොඳම රංගන ශිල්පිනිය උදෙසා වූ සම්මානය දිනාගත් අතර Nitram සිනමාපටයේ රංගනය වෙනුවෙන් කාලෙබ් ලැන්ඩ්‍රි හොඳම රංගන ශිල්පියා ලෙස සම්මාන දිනා ගනු ලැබී ය.


 
THE LEADER TV 
 
ඩයලොග් එකට ඩයනා ගෙන් බාල්දියක් ? 
 
 
 
 
විමල් යට යද්දි SB ෆෝම් කළේ කවුද? 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්