චීන-කැනේඩියානු පොප් ගායක ක්‍රිස් වූ, ලිංගික අපයෝජන චෝදනාවලට සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.


"ලිංගික කාර්යයන් පවත්වාගෙන යාම පිණිස කිහිප විටකදීම තරුණ කාන්තාවන් රැවටීම" ගැන අන්තර්ජාලය ඔස්සේ එල්ල වුණු චෝදනා අනුව විමර්ශන කටයුතු සිදු කරන බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

සංගීත හෝ රංගන ක්ෂේත්‍ර තුළ ඉතා ඉහල ආර්ථික වාසි අත්වෙන අවස්ථා ලබා දෙන බව පවසමින් යොවුන් දැරියන් ලිංගික ක්‍රියා සඳහා පොළඹවා ගැනීම ගැන 19 හැවිරිදි ඩූ මෙයිසු නම් සරසවි යුවතියක් පළමු වරට අන්තර්ජාලය ඔස්සේ ක්‍රිස් වූට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි.

චීනය තුළ ඉතාම ජනප්‍රිය තරුවක් වන ක්‍රිස් වූ තමන්ට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මින් වසර දෙකකට ඉහත දී ක්‍රිස් විසින් තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බව ඩූ මෙයිසු විසින් පසුගියදා හෙළි කර තිබූ අතර NetEase නම් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා තිබුණේ තමන් ද ඇතුළුව ඔහුට හසුවූ 8 දෙනකු පිළිබඳව ඇය දන්නා බවයි.  

ඉන් දෙදෙනකු බාල වයස්කාරියන් වේ.

මේ ගැන කිසිවකුටත් නොපවසන ලෙසට කියමින් ඇයට යුවාන් ලක්ෂ 5ක මුදලක් ගෙවූ නමුත් දැන් තමන් හඬ අවදි කිරීමට තීරණය කළේ "අසාධාරණයට ලක්වූ අන්තිමයා" තමන් විය යුතු නිසා බව ඩූ මෙයිසු කියා තිබුණා ය.

එසේම, ඇය මුදල නැවත ගෙවීමටත් නීති ක්‍රියාමාර්ගවලට මුහුණ දීමටත් සුදානම් බව කියා තිබුණි.



සබැඳි පුවත් :

දැරියන් ලිංගික ක්‍රියාවලට පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු චීන තරුවට දැඩි විරෝධය !


 

THE LEADER TV 
 
ජනාධිපති ලේකම් රටම අවධානමේ දායි !
 
 
ජනපති, මිනිපිරිය බලන්න ඇමරිකාවට! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්