පවන්දීප් රාජන් (Pawandeep Rajan) ඉන්දියානුවන් අතර වඩාත් ප්‍රසිද්ධ වන්නේ “පහදි කොලුවා” ( Phadi Boy) යන අන්වර්ථ නාමයෙන්. 
 
පහදි යනු ගංගා ගඟට දකුණින් හා බටහිරින් ඉන්දියානු උප මහාද්වීපයේ ඊසානදිග කඳුකර ප්‍රදේශයේ වෙසෙන ජන කණ්ඩායමක් හැදින්වෙන නමක්. 
 
පහදි ජනතාවගෙන් බහුතරයක් වෙසෙන්නේ නේපාලයේ. එයට හේතුව ඔවුන්ගේ නිජ භූමිය වන්නේ හිමාලය ආශ්‍රිත කඳුකර ප්‍රදේශය වීමයි. ඉතිරි කොට ජීවත් වන්නේ ඉන්දියාවේ හිමාචාල් ප්‍රදේශයේ සහ උත්තර ප්‍රදේශ් හි උතුරු දිග කොටසේ.
 
ඉන්දියානුවන් අතර කතාබහට ලක්වන මේ “පහදි කොලුවා” උපත ලබන්නේ ඉන්දියාවේ උත්තරකන්ද් චම්පාවත් ප්‍රදේශයේ. ඒ 1996 ජූලි මස 27 දාක. ඔහුගේ පියා වන සුරේෂ් රාජන් සිය පුත්‍රයාට තබන නම වන්නේ පවන්දීප් රාජන්. 
 
සුරේෂ් රාජන් ප්‍රාදේශීය ගායකයෙක් වගේම සංගීතඥයෙක්. සිය පුතා ගේ මුල්ම සංගීත ගුරුවරයා වන්නේ මේ පියා. පවන්දීප් ගේ සංගීත සැරිය ඇරඹෙන්නේ එහෙම.
 
පවන්දීප් සිය සංගීත සැරිය අරඹන්නේම කුඩා වයසින්. ඒ සඳහා ඔහුව කුළුගන්වන්නේ සිය පියා. ඔහු තමන් අධ්‍යාපනය හදාරන විද්‍යාලයේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්වන්නේ සිය දක්ෂකම් නිසා. 
 
2015 දී ඔහු පළමු වතාවට රියැලිටි වැඩසටහනකට ඉදිරිපත් වෙනවා. ඒ The Voice වැඩසටහන. එයින් ඔහු ජයග්‍රාහකයා බවට පත්වන්නේ ඉන්දියානු රුපියල් පනස් ලක්ෂයක් හා ඇල්ටෝ K10 මාදිලියේ කාරයක් ද ත්‍යාගය ලෙස ලබමින්. 
 
  
 
 
අද වෙන විට ඔහු ඉන්දියාවේ සංගීත රසිකයින් අතර ජනප්‍රිය තරුවක් බවට පත්වී හමාරයි. 12 වැනි වතාවට පැවැත්වෙන “ඉන්දියන් අයිඩොල්” රියලිටි වැඩසටහනේ අවසන් තරගයේ තරගකරුවන් 06 දෙනා අතර ඔහු ඉදිරියෙන්ම සිටිනවා.
 
ඔහු සමග තරගවදින අනෙක් තරගකරුවන් 5 දෙනා වන්නේ මොහොමඩ් දනිෂ්, අරුණිතා කන්ජිලාල්, ශාන්මුකුප්රියා, සෙලි කම්බ්ලේ සහ නිහාල් තාවෝ යන අය. ඉන්දියානු රසිකයින් ඔහුට බෙහෙවින් ප්‍රිය කරන්නේ ඔහුගේ හුරුබුහුටිකම හා සුවිශේෂී ගායන හැකියාව නිසා.
 
ඉන්දියන් අයිඩෝල් වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ හා ආරාධිත කලාකරුවන් ගේ ඇස් වලට කඳුලක් නංවන ආකාරයේ ගායනයක් ඔහු සෑම වැඩසටහනකම ඉදිරිපත් කොට තිබෙනවා. 
 
එක් වැඩසටහනකදී පවන්දීප් තබ්ලාව වාදනය කරමින් Kisi Nazar Ko Tera ගීතය ගායනා කල ආකාරය ගැන විනිශ්චය මණ්ඩලය ඔහුට පැවසුවේ එය ඉතාම අපහසු කාර්යයක් බවත් පවන්දීප් එය සිදුකල ආකාරය විශ්මය ජනක බවත්ය. 
 
එහි ආරාධිත ශිල්පියා වූ සංගීතඥ අලෝකේෂ් බප්පි ලහිරි පවසන්නේ එය උස්තාද් ශකීර් හුසේන් ගේ පන්නයේ තබ්ලා වාදනයක් බවයි. 
 
 
 
පවන්දීප් ගේ විශේෂත්වය වන්නේ ද ඔහුට සංගීත භාණ්ඩ කිහිපයක්ම ශාස්ත්‍රීය ලෙස වාදනය කිරීමට හැකිවීමයි. තබ්ලාව, ඩොලැක්කිය, ගිතාරුව, මැන්ඩොලීනය පමණක් නොව පියානෝවද වාදනය කරන ආකාරය විශ්මය දනවන සුලුය. 
 
විටෙක ඔහු මැන්ඩොලීනය වාදනය කරමින් අරුණිතා සමග ගායනා කල Tujhe Dekha To ye jana sanam යුග ගීතය ද විනිශ්චය මණ්ඩලයේ මහත් ප්‍රශංසාවට ලක්වුණා.
 
පවන්දීප් යනු සංගීත පැකේජයක් බවයි බොහෝ ඉන්දියානුවන් පවසන්නේ. බොලිවුඩි සිනමා ශිල්පිනියක් වන ශීනත් අමාන්, පවන්දීප් ගේ පියානෝ වාදනය නරඹා පවසා සිටියේ තමන්ට පියානෝව ඉගෙන ගැනිමට මේ වාදනය පෙළඹවිමක් කරන බවයි.
 
 
 
 
කෙසේ වෙතත් ඉන්දිය අයිඩොල් රියැලිටි වැඩ සටහන තුලින් පවන්දීප් ලබා ඇති ජනප්‍රියත්වය නිසාම ඔහු සම්බන්ධ කොට කටකතා ද පැතිරෙමින් යනවා.
 
එහි ප්‍රධාන ප්‍රබන්ධය වන්නේ ඔහු සමග කරට කර තරගකරන අරුණීතා හා ඔහු අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගී ඇති බවයි. 
 
pawan
 
අරුණීතා හා පවන්දීප් අතර ප්‍රේම සම්බන්ධයක්...
 
 
නමුත් සම්මුඛ සාකච්ඡාවක දී පවන්දීප් පවසා සිටියේ එය සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් බවයි. අරුණීතා හා තමන් ඉතා හොඳ මිතුරන් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 
 
කෙසේ වෙතත් මෙවැනි ප්‍රබන්ධ ගොඩ නැගීම ඇතැමුන් උවමනාවෙන් කරන බවත් ඒ තුලින් වැඩසටහනට වෙනස් ආකාරයක ජනප්‍රියත්වයක් ඇති කර ගැනීමට උත්සාහ දරණ බවත් විචාරකයින් පවසනවා.
 
මේ අතර තරගයේ විනිශ්චය සම්බන්ධව ප්‍රේක්ෂකයින් ගේ විවේචන ද එල්ලවෙමින් පවතිනවා. එහි එක් අවස්ථාවක් වන්නේ පවන්දීප් එක් තරග වටයකදී සුපිරි ආකාරයෙන් Tu Hi Re ගීතය ගායනා කල අතර එහිදී විනිශ්චය මණ්ඩලය mausam badal diya ලේබලය ඔහුට ප්‍රධානය නොකිරීම යි. 
 
බොහෝ රසිකයින් පවසන්නේ විනිශ්චය අරුණිතා කන්ජිලාල් ට නැමියාවක් දක්වන බවයි. 
 
  
 
 
රසිකයින් ඔවුන්ගේ ට්විටර් ගිණුම් වල සටහන් කර තිබුණේ “නිෂ්පාදකයින් සහ විනිසුරුවන් විසින් සම්පුර්ණයෙන්ම පවන්දීප් විනාශ කරනවා. පවන්දීප් ඇඟෙන් සිදු කළ ඉදිරිපත් කිරීම් අනුව ඒ සවස් කාලයේ තාරකාව ඔහු වුවද, ඔහුට එතරම් නිහඬ ප්‍රතිචාරයක් ලැබුණේ ඇයි?, ඒ ගායනයේ ඇති වරද කුමක්ද?” කියාය. 
 
තවත් අයෙක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “මේ පක්ෂග්‍රාහී ප්‍රසංගය ලබන වාරයේදී වර්ජනය කළ යුතු බවයි. සැබෑ දක්ෂයන්ට මෙහි ගෞරවයක් නැත. නින්දා කිරීම් පමණි. මෙම ප්‍රසංගය අනාගත ගායකයින්ට සහ සංගීතඥයන්ට ඉතා නරක ආදර්ශයක් සපයයි.” යනුවෙනි.
 
පවන්දීප් යනු ඉන්දියානු රියැලිටි වැඩසටහන් සොයාගන්නා අපූරු සොයාගැනිමක් වන බවයි බොහෝ දෙනා පවසන්නේ. අනායාසයෙන් ඉදිරිපත් කෙරෙන ඔහුගේ ගායනා මෙන්ම විවිධ සංගීත භාණ්ඩ ශාස්ත්‍රීය ආකාරයෙන් වාදනය කිරීමට ඔහු දක්වන බුහුටි කුසලතාව එය සනාථ කරන බව ද ඔවුන් පවසනවා. 
 
 
 
කෙසේ වෙතත් අගෝස්තු 15 දා පැවැත්වෙන අවසන් තරගයෙන් කවුරු ජයග්‍රහනය කරන්නේ ද යන්න පැවසිය නොහැකි තරමට තරගය තියුණු මුහුණුවරක් උසුලනවා. සමස්තයක් ලෙස සැලකුවහොත් පවන්දීප් රාජන් එහිදී මදක් ඉදිරියෙන් සිටින බවයි ප්‍රේක්ෂකයින් පවසන්නේ.
 
ඉන්දියාවේ නයින්තාල් හි කුමවුන් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් ද වන පවන්දීප් රාජන්, චාන්ද්නී රාජන් හා ජ්‍යෝතිදීප් රාජන් යන සොහොයුරියන් දෙදෙනාගේ එකම සහෝදරයා ද වෙනවා.
 
 
 
(කපිල එම්. ගමගේ)
(lankaweb.lk)
  

 
THE LEADER TV 
 
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 
 
 
බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්