කෝව්ඩ්-19 අධිවසංගතය නිසා ලොව පුරා අගුළුලා ගැනීම් හේතුකොට ගෙන මධුසමය අනතුරුට ලක්වූ තරුණ යුවලකට අනපේක්ෂීත මුහුණදීමට සිදු වූ සත්‍ය අත්දැකීමක් තේමා කරගෙන
කෝව්ඩ් හනිමුන් (A Covid Honeymoon -2020) දී මෙම සිනමා සිත්තම ගොඩනගා ඇත. udan fernando12 1
 
A Covid Honeymoon කෙටි චිත්‍රපටියෙහි අධ්‍යක්ෂණය උදාන් ප්‍රනාන්දු විසිනි. 
 
 මෙහි කථාව සැකවින් දැක්වුවොත්, ශ්‍රී ලාංකික තරුණ යුවළක් වෙහෙස මහන්සියෙන් උපයා ගත් ඩොලර් 1000 කුත් අතතැතිව මධුසමය ගත කිරීම සදහා සිංගප්පුරුව බලා පිටත්වේ. කොවිඩ් -19 පැමිණීම සමග ඔවුන්ගේ මධුසමය මාරාන්තික වසංගතයක් තුළ අනපේක්ෂීත හැලහැප්පීමට මුහුණ දීමට සිදුවේ. 
 
හදිස්සි අගුලු දැමීම නිසා සිංගප්පූරුවට සති දෙකක කාලයකට මධුසමය සදහා ගිය මෙම තරුණ යුවල අවසානයේ  මාස දෙකකට එහි රැදී සිටීමට සිදු වේ. ගුවන් ගමන් නතර කිරීම නිසා, ශ්‍රී ලංකාවට ආපසු යාමට ඔවුන්ට නොහැකි වේ. සිංගප්පූරුවේ රැදී සිටින කාලය දීර්ඝවීම, නවාතැනට ගෙවීමට මුදල් නොමැතිවීමත් නිරන්තරයෙන් ගෙහිමියාගේ තර්ජන වලට ද මූලීක අවශ්‍යතා ඉටුකර ගැනීමේ අපහසුතාවලට  මුහුණ දීමට සිදුවේ. 
 
මෙම මාස දෙකක කාලය, විවිධ අකරතැබ්බයන්වලට මුහුණ දෙමින් ජීවත්වීමට සිදුවීම මෙම කෙටි සිනමා සිත්තමේ ප්‍රධාන අඛ්‍යානය වේ.  
 
අවසානයේ ඔවුන් සතුව සිංගප්පූරුවේ දිවි ගලවා ගැනීමට ඉතිරිව ඇත්තේ ඩොලර් 30 ක් පමණී. එම කාලයේ දීම, ගුවන් ගමන් නොමැති වීම නිසා උදාන් ප්‍රනාන්දුටත් සිංගප්පුරුවේ සහ මැලේසීයාවේ රැදී සිටීමට සිදු වී Covid Moneymon new1තිබෙන මොහොතක මෙම නිර්මාණයට මූල බීජය සොයා ගැනේ. 
 
 
එම සත්‍ය අත්දැකීම මූලීක තේමා කොට ගෙන කොරෝනා ධනවාදය තුළ අපි එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අත්දැකීම්  වලට සමපාත කරගෙන සජීවී ලෙස මෙම සිනමා සිත්තම නිර්මාණය කර ගැනීමට මහගු පිටිවහලක් වී ඇති බව සුපරීක්ෂාරීව මෙම නිර්මාණය නරඹන්නෙකුට පෙනෙයි. 
 
 කොරෝනා අධිවසංගතයේ පළමු අදියරයේ දී සිට මේ දක්වාම විවිධ රැළි වලට හසු වූ බොහෝ මැද පාංතිකයින්ගේ අර්ථ ගැන්වීම වූයේ පළමු අදියරේ අගුළුදැමීම වෙස්වලා ගත් ආශීර්වාදයක් ලෙසයි. 
 
එයට ප්‍රධාන හේතුව ලෙස දැක්වූයේ රැකියාවෙන් මීදී, තරගකාරී සමාජ ජීවන රටාවෙන් මිදී, සරලවම පොදු අවකාශයෙන් මිදී පෞද්ගලික අවකාශය වන කුටුම්භ අවකාශය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වීමයි. 
 
එමනිසා මැද පංතියට, ඔවුන්ගේම කැදලි වල කූඩූවී, කුටුම්භගත ජීවිතය පිළිබදව නැවත සිතා බැලීමකට අවස්ථාව උදා වීමත් ගෝලීයකරණ ක්‍රියාදමය බැහැර නොකර සරල ජීවිතයක් පිළිබද කතිකාවතක් ගොඩනැගීමට විවිධ සමාජ සංස්ථාව වලින් දක්නට ලැබුණි. 
 
විශේෂයෙන් පවුලේ සාමාජිකයින් අතර මුහුණට මුහුණලා සිදුකරන අන්තර් ක්‍රියා ශක්තිමත් වීමත් එමගින් පවුල් සම්බන්ධතා වර්ධනය කර ගැනීමට නොයෙක් ක්‍රියාකාරකම්වලට යොමුවීමත් දක්නට ලැබුණි. 
 
උදාහරණ වශයෙන් පවුලේ සාමාජීකයින් විසින් පවුල තුළ ස්ත්‍රීපුරුෂ වැඩ බෙදීමෙන් බැහැරව සියලු දෙනාම  ගෙවතු වගාවන් සිදු කිරීම, විසිතුරු කෑම හැදීම, සිල් ගැනීම, පවුල තුළට සීමාවී අවුරුදු සැමරීම, ක්‍රීඩා කිරීම ආදී ලෙස පවුල් සම්බන්ධතා ශක්තිමත් කරන්නට අවස්ථාව ලැබූ බව සමාජ මාධ්‍ය මගින් නිතර වාර්තා විය.
 
ඒ සමගම කොරෝනා පළමු වසංගතය තුළ ශ්‍රී ලංකාව තුළ සිරවූ  බොහෝ විදේශීකයින්ට (ඇල්ල ප්‍රදේශයයේ නැවතී සිටි විදේශීකයින්ට තවත් තැන්වල) ආගන්තුක සත්කාර සැපයීම ආදීයත් දක්නට ලැබීමත්, එමගින්  සිංහල බෞද්ධ ජන විඥාණයේ ආවේනික ගුණාංග ඇගයුම් පද්ධතිය උලුප්වා දැක්වීම මාධ්‍ය මගින් අපි අත්දැක්කෙමු. 
 
 
එවැනිම අත්දැකීමකට ලක් වූ අපේම ආදර යුවලකට සිංගප්පුරුවේදී  නවාතැන් හිමිකරු සිංහල බෞද්ධයා සැලකුම් සිදුකළේ  මුදල් ගෙවන ලෙස බලපෑම් කරන තර්ජන ගර්ජන වලින්ය. මෙම සිනමා සිත්තම නරඹන විට මෙවැනි සංසන්දනවලට ගොස් මෙම සංදර්භය කියවා ගන්නා ලෙස උදාන් අපිට ආරාධනා කරනු ලබයි. 
 
ආණ්ඩුවේ හමුදා ප්‍රමුඛව කොවිඩ් මර්ධන වැඩ සටහන ද දැඩී නිරෝධායන නීතිරීති යොදා ගනිමින් පුරවැසියා එක පැත්තකින් හුරතල් කර බව ද අනෙක් අතින් පීඩිත ජනයාම නිරෝධායන නීති කැඩූ බව දක්වමින් මර්ධනය කළ බව ද දක්නට ලැබුණි. 
 
එහි යටි අරමුණ වූයේ මහ මැතිවරණයක් කිට්ටුවීමත් පුරවැසි වගකීමත් ආරක්ෂාව පිළිබද දැඩි පරීක්ෂාවකුත් මෙම කාලච්ඡේදයේ දී දක්නට ලැබුණි. 
 
ඒසේම එම කාලයේ දීම  ශ්‍රී ලංකාවේ කෝව්ඩ් මර්ධන වැඩපිළිවෙල නවසීලන්තය වැනි රටවල කෝව්ඩ් මර්ධනයට සමාන බවත් සමාජ මාධ්‍ය මගින් උත්කර්ෂයට නංවන බව ද දක්නට ලැබුණි. 
 
ඉහත දැක්වූ ලෙස කෝවිඩ් පළමු රැල්ලේ මධුසමයට මධ්‍යම පාංතික කුටුම්භ ආසක්ත වී සිටින මොහොතක රජයේ සාටෝප මාධ්‍ය සංදර්ශන වලින් නිතර  ඇසෙන වදනක් වූයේ  “මම තමයි හොදටම කලේ ”  යන්නයි. 
 
උදාන්ගේ කෝවිඩ් හනිමුන් කෙටි චිත්‍රපටිය මගින්  එම අදහස එහෙම් පිටින් කණ පිට හැර වීමටත් සැබෑ යථාර්ථය අප හමුවේ තැබීමට කෝවිඩ් හනිමුන් සිනමා සිත්තම මගින් සමත් වී ඇත. 
 
අපේම රටේ තරුණ තරුණියෝ  තවත් රටවල සරණාගතයන් බවට පත්වීම, රැකියා අහිමිවීම, විවිධ දුෂ්කරතා වලට පත්වෙමින් රට විරුවන් ද ගුවන් ටිකට්පත් ඉහළ දැමීම, හොටෙල් නිරෝධායනය, රජයේ නිරෝධානයට විවිධ විරෝධතා පැමිණෙද්දි ද ජම්බුද්දීපයේ ජාතිය ඇමතීම සැමන්වල ගණන් අඩුකිරීම, හාල්මැස්සන් වල මිළ පහත හෙලීම වැනි සිල්ලර කරණු වලට සීමා වේ.   
 
 
A Covid Honeymoon 1 
අනෙක් පසින්  අප හමුවේ උදාන් තබන්නේ සිංගප්පූරු අගමැතිතුමාගේ ජාතිය ඇමතීමයි.  කොරොනා වසංගතය නිසා ගොඩනැගුණු නව සාමාන්‍යකරණය තුළද පීඩාවට පත්වන්නේ පහල පංතියේ ජනතාව මිස ඉහළ ඉහළ පංතියේ ජනතාව නොවන බව සිංගප්පුරුවේ නවාතැන් ලබාදෙන ගෙහිමියාගෙන් ද ප්‍රදර්ශනය වේ.  
 
ගෙහිමියාට අනුකූල කිරීමත් අනෙක් පැත්තට රජය විසින් සිදුකරන සාටෝප කතන්දර ද උදාන් විසින් නිරන්තරයෙන් උත්ප්‍රාසයට නංවනු ලබයි. 
 
සිංගප්පුරුවේ අගමැතිතුමාගේ තම රට වැසියා‌ කෙරෙහි සහකම්පනය ද ඇතිව, මෙම ගෝලීය වසංගතය ආගමනයත් සමග රාජ්‍ය නායකයා විසින් ජනතාවට ලබා දෙන මොරාල් එක ප්‍රබල සහ සංසන්දනාත්මක ලෙස මෙම කෙටි සිනමා සිත්තමෙන් නිරූපණය කර ඇත. 
 
සිංගප්පුරු අගමැතිතුමා ජාතිය ඇමතීමෙන් ලබා දෙන්නේ we have resources, we have determinations and we are united වැනි පුරවැසියාගේ අභ්‍යන්තර චිත්ත ශක්තිය වර්ධනය කරගැනීමට අවශ්‍ය වපසරියක් නිර්මාණය කිරීමට සැබෑ නායකයෙකු ලෙස මැදිහත්වීමයි. 
 
වසංගත තත්ත්වයක වුවද  පුද්ගල යහපැවැත්ම සහ ගුණාත්මක ජීවිතයක්  පිළිබද ප්‍රබල  සංඥාවක් එම පැහැදිල කතාවෙන් රට වැසියා හමුවේ තබයි.  
 
රාජ්‍යාය සහ පුරවැසියා අතර ඇති සම්මුතිය පිළිබදව මනාව අවධාරණය කරමින් මෙවැනි වසංගත කාලයක රාජ්‍යය නායකයා විසින් පුරවැසියාට විශ්වාසය සහ ධෛර්ය ලබා දෙන්නේ සැබෑ මැදිහත්කරුවෙකු ලෙසයි. 
 
 නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාගේ වසංගත ජාතීය ඇමතීමේ කතා පළමු කතාවේ සිට මේ දක්වා විශ්ලේෂණය කරතොත් පෙනීයන්නේ මමත්වය ඉස්මතුවීමයි.  
 
කොරෝනා පළමු අදියරයේ දී දිනපතා සිදුවන මරණ විශාල අවධානයක් දී බ්‍රේකින් නිව්ස් වී අපි හමුවේ දිස්වෙද්දි අද දවසකට දෙසීයකට වැඩී ප්‍රමාණයක්  මරණයට පත්වීම පිළිබද  ලතැවිල්ලක් නැත.
 
මාරාන්තික වසංගතය තුළ පීඩිතයා සුරකීම වෙනුවට සුරෑකෑමේ ධනවාදී වසංගතය ක්‍රියාත්මකවීම පළමු රැල්ලේ සිට වර්තමානය දක්වා නිරන්තරයෙන් අපිට දක්නට ලැබේ. 
 
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පුරවැසියා කෙරෙහි සාධාරණ ප්‍රවේශයක් අනුගමනය නොකරමින් වෙළද පංතිය පෝෂණය කිරීම එම ධන සම්මුචිතකරණයට රාජ්‍යය  නීතිරීති ඔවුන්ට ගැලපෙන ආකරයෙන් ලිහිල් කරමින් අතදිග හැර සහයෝගය දැක්වීම ද අපි නිරන්තරයෙන් අත්දකිමු. 
 
Film2 1උදාන්ගේ මෙම සිනමා සිත්තමේ යටිපෙළ අර්ථය කියවා ගැනීමේ දී රාජ්‍යය හා පුරවැසියා අතර සම්මුතිය සුක්ෂම ලෙස උත්ප්‍රාසයට නංවනු ලැබේ. 
 
ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක, රාජ්‍ය සහ  පුරවැසියා අතර ඇති සමාජ සම්මුතිය ද ප්‍රශ්නකීරීමකට සිනමා සිත්තමේ ආරම්භයේ සිට අවසානය දක්වාස ප්‍රබල සංකේත යොදා ගනිමින් නිර්මාණය කළ කෙටි සිනමා සිත්තමක්  ලෙස ද හැදින්විය හැකිය.
 
හුදු පෞද්ගලික ආඛ්‍යානයක් මූලීක කරගෙන මෙම සිනමා සිත්තම ගොඩනැගුණත් මෙහි සමාජ දේශපාලන සහ ආර්ථික මහා ආඛ්‍යාන වලින් ග්‍රහණ  කෙටි චිත්‍රපටියක් ලෙස හැදින්වීමට මම පසුබට නොවෙමි.   පවතින සමාජ දේශපාලන සංදර්භය අවබෝධ කරගැනීමට අතිශයෙන් වැදගත් පරාමීතීන් මෙමගින් සොයාගත හැකිය.  
 
 
 
අනෙක් අතට කෙටි සිනමා සිත්තමේ නිරූපණය කර ඇති තරුණ යුවල වෙත තවදුරටත් කියවා ගැනීමට උදාන් විසින් අපව ඈතින් ඈතට අරන් යනු ලැබේ. 
 
ඔවුන්ගේ මධුසමයේ නිවාඩුව ඉලාස්ටික් වීම උදාන් විසින් චිත්‍රණය කර ඇත්තේ තම ශ්‍රමයට අතිරික්ත වටිනාකමක් නැති, නිදහස පිළිබද වරණයන් නැති, විනෝදය තමාන්ට අවශ්‍ය ලෙස ගොඩනගා ගැනීමට වරණයන් නැති බොහෝ තරුණ යුවලයන්ගේ කතන්දරයි. 
 
මට මෙහිදී අමාර්ත්‍ය සෙන්ගේ සංවර්ධනය යනු නිදහසයි සිහිවේ. සිංගප්පුරුවේ Ceylon Hotel ලෙස නම් කල පසුව අයිතිකරු ඔහුගේ නිවස ලෙස හැදින් වූ හෝටලයේ, පුංචි ගබඩා කාමරයේ අල ළුණූ සුවද විදිමින්ද අනෙක් අතට බුද්ධ පිළිමයකට මුහුණලා මධුසමය ගත කිරීමට ඔවුන්ට සිදුවේ.  
 
ඔවුන්ට පොරොන්දු වූ කාමරය අහිමි වුවත් ඔවුන්ට වෙනත් වරණයකට යාමට ප්‍රමාණවත් මුදලක් නැත.  මෙම යුවල එකිනෙකාට පවසා ගන්නේ ද. “whatever happens , the honeymoon continues ” "කුමක් සිදු වුවත් මධුසමය දිගටම පවතී". වසංගතය පැමිණීම ද අදාළ නැත. එය ප්‍රේමයේ තවත් ස්වරූපයකි. 
 
අව්වැසි ඔවුන්ට ආරවුලක් ඇත්තේම නැත.මධුසමය ඉලාස්ටික්වීම ඕනෑම ප්‍රේමණීය යුවලකට වෙස් වළාත් ආශිවාර්දයක් විය හැකි නමුත් මෙම කතාවේ ප්‍රධාන චරිත දෙක වන රෂ්මින් සහ සදුනිට එය යහපත් අතට පත් කර ගැනීමට නොහැකි වන්නේ, ඩොලර් 30 කින් මාස දෙකක් ජීවත්වීමට අරගලයක නිරත වීමට සිදුවීමයි. 
 
අනෙක් අතට රෂ්මින් සහ සදුනි ස්ථීර රැකියාවන් වල නිරත වූවන් නොවේ. නව ලිබරල්වාදයේ අනුහසින් වැඩකරන පංතිය රැකියා අනුඛණ්ඩ ගණනාවනික් විස්තීරණය වෙමින් පවතී. 
 
Covide1234 1
 
එමගින් ඔවුන්ට කීයක් හරි සොයා ගැනීමින් ජීවිතය ගැට ගසා ගැනීමට අවස්ථාවන් ලැබුණාත්, රෂ්මින් සහ සදුනි නියෝජනය කරන වැඩ කරන පංතියට එම නිසා  සිහින ඉටුකර ගැනීමට වඩා සිහින තුළ අතරමං වීම සුලබ දක්නට ලැබේ. උදාන් මෙම කටුක යථාර්ථය මනා ලෙස හදුනා ගැනීම ශ්‍රී ලාංකේය සමස්ත තාරුණ්‍යය පිළිබද කැඩපතක් ලෙස ද දැක්විය හැකිය.
 
 
 
මෙම කෙටි චිත්‍රපටියේ ගැටගැසෙන තරුණ යුවළගේ ජීවිතය ශ්‍රී ලංකාවේ අනෙක් බොහෝ තරුණ තරුණියන්ට සමාන බව ඉහත දී ද සදහන් කර ඇත. ඒ වගේම ප්‍රේමය, සතුට, විනෝදය, අපේක්ෂාවන්, අවධානම් දැරීම, ආදී ලක්ෂණ වලින් සපිරි සුඛෝපභෝගී ජීවිතයක් පිළිබද ලලසාවක් ඇති නව ලිබරල්වාදී හර පද්ධතිය තුළ දෝලනය වන තාරුණ්‍යයේ සිතුම් පැතුම් නැමැති පොදු කුලයක තුළ සංදර්භගත කළ හැකිය. 
 
ෆැන්ටසිගත ජීවිතයේ තමන්ගේ අභිමතාර්ථය ඉටු කරගැනීමට මානසික නිදහස් ප්‍රීතිමත් මධුසමයක් වෙනුවට පීඩාකාරී මධුසමයක් මොවුන්ට උරුම වේ. ඒ අතර,  යහළුවන් විසින් සිදුකරන හමුවීමේ පොරොන්දු හේතු දක්වමින් කඩකිරීම් මෙම තරුණ යුවල කෙරෙහි  සහනුකම්පනයක් ඇති කිරීමට අධ්‍යක්ෂකවරයා විසින් සමත් වේ. 
 
එහිදී අධ්‍යක්ෂකවරයා සියුම් ලෙස පෙන්නුම් කිරීමට උත්සාහ ගන්නේ, නව ලිබරල්වාදී පැන්ටසියක උපරිමයට අතරමංවන මෙම යුවළට සිංගප්පූරු ප්‍රමෝදය  සෝඩා බෝතලේ කැඩූවිට ඇති වී ඇති තත්ත්වය මෙම යුවළ හමුවේ  නිර්මාණය වීමයි. ඉතා ඉක්මණින්ම නරඔන්නාට වර්තමාන තාරුණ්‍යයේ සමස්ත පිංතූරය රූපණය කරනු ලැබේ.
 
අනෙක් අතට විවාහය හා බැදුණු සාටෝප කතන්දර ද පොටෝ සුට් එකට සිංගප්පූරුවේ යාම, පිංතූර මුහුණු පොතට දිග හැරීම, ඒහා බැදුණු ජීවන ලලසාවන් ද  බලාපොරොත්තු ඉටුකර ගැනීමේ පරතරය ද පිළිබද ඉගි චිත්‍රපටිය පුරාම අපිට සංකේතීව හමුවේ. 
 
Roshan 202111නව ලිබරල්වාදය සමග මිරිකෙන තාරුණ්‍යයේ සිතුම් පැතුම් සහනුකම්පනයෙන් චිත්‍රණය කිරීමට උදාන් සමත් වී ඇත. 
 
මොවුන්ගේ ඉහළ අපේක්ෂාවන් කිසිවිට හැල්ලුවකට ලක්නොකරන අධ්‍යක්ෂවරයා පාඨකයාගෙන් ප්‍රශ්න කිරීමකට ලක්කරන්නේ ඉහළ ජීවිත අපේක්ෂාවන් ඉටුකර දිය හැකි පරිසරයක් ගොඩනැගීමේ වගකීම ගන්නේ කා විසින්ද යනුවෙනි.
 
උදාන්ගේ උනන්දුව පිළිබද අවසාන වශයෙන් කිව හැක්කේ මෙසේය. 
 
ජීවිත ප්‍රතිසංස්කරණයන් වන විවාහය මෙන්ම මධුසමය ද වසංගතයන් වලට සෘජුව බලපෑ හැකිය. කෝවිඩ් හනිමුන් චිත්‍රපටියේ අඛ්‍යානයෙන් ගෙනහැර දක්වන්නේ මධුසමය මෙන්ම ප්‍රේමය ද විවිධ රෝගාබාධා වලට නතු විය හැකි බවයි. රාජ්‍යයේ නීති පද්ධතියට නතු විය හැකිය. 
 
මෙවැනි අත්දැකීම් වලට නිරන්තරයෙන් මුහුණ දෙන පහළ පංතිය නියෝජනය කරන තාරුණ්‍යය පිළිබද පොදු ආඛ්‍යනයක් ගෙන ඒමට අධ්‍යක්ෂකවරයා සමත් වෙයි. ඒ අතර කෝව්ඩ් වටා කැරකෙවෙන ඉටුකර ගැනීමට නොහැකි වන දහසකුත් එකක් බලාපොරොත්තු හුදු  වසංගත දේශපාලනයත්, රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයත්, පුද්ගල නිදහස පිළිබද නැවත සිතා බැලිමත් ප්‍රශ්න කිරීමත් ඉතාමත් සියුම්ව උදාන්ගේ මෙම  කෙටි චිත්‍රපටියෙන් උත්සාහ දරා ඇත. 
 
 ඒ නිසා කොව්ඩ් හනිමුන් කෙටි චිත්‍රපටිය නරඹා කිසියම් දෙයක් කුරුටු ගෑමට මාස දෙකක් තිස්සේ මගේ අවිඥාණය බලකරනු ලැබීය. එය අදටත් වලංගු වේ. මෙම කෙටි සිනමාව නරඹන්නට ඔබටත් ආරාධනා කරමි.
 
 
 

 
137210392 10224635118526671 1476252256350746624 n
 
චන්දිමා ජයසේන
 
 
 
 කියවන්න 
 
 
 
 
THE LEADER TV 
සන්නා මහ රෑ ‌හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!
 
 
 
පොළොං නරුවෝ 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්