චීන පිරිමි ළමයෙක් ගැන ලියූ කතාවක් සිය ළමා කෘතියකින් ඉවත් කරගැනීමට ප්‍රකට ප්‍රහසන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම කතුවරයෙක් වන

ඩේවිඩ් විලියම් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

ඒ එම කතාව "හානිකර ස්වරූපයක්" ගන්නා බවට විවේචන එල්ල වීමෙන් අනතුරුව යි.

ඒ අනුව, "Brian Wong, Who Was Never, Ever Wrong" නම් කතාව නොමැතිව The World's Worst Children හි නවතම මුද්‍රණය ඊළඟ වසරේදී එළිදැක්වෙනු ඇත.

මෙම පියවර ගැනෙන්නේ කෘතියෙන් "සුළු ජාතින්ට විහිලු තහළු කිරීම තරුණ වියේ පටන් සාමාන්‍යකරණය කෙරෙන" බවට ජෝජියා මා නම් ක්‍රියාකාරිනියක චෝදනා කළ පසුව ය.  

ඇය මුණගැසී කතාබහ කළ පසු ප්‍රකාශකයින් චීන ළමයා ගැන කතාව ඉවත් කිරීම තහවුරු කර තිබුණි.

මෙම කෘතියේ චරිත 10ක් ගැන කෙටිකතා ඇතුලත් වේ.


THE LEADER TV 
 
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා 
 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්