"මැණිකේ මගේ හිතේ" ගීතය ගයමින් රටවල් රැසක ජනාදරයට පත් යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා ඉන්දීය සංචාරය නිමා කරමින් ඊයේ (12)

යළි දිවයිනට පැමිණියා.

සති දෙකක පමණ කාලයක් ඉන්දියාවේ රැඳී සිටිමින් නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි සංගීත ප්‍රසංග දෙකක්, ජනප්‍රිය නළු සල්මන් ඛාන් මෙහෙයවන බිග්බොස් රූපවාහිනී වැඩසටහන, රූපවාහිනී සම්මුඛ සාකච්ඡා ඇතුළු වැඩසටහන් ගණනාවකට ඇය සහභාගී වී තිබුණි.

ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි යොහානිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යොහානි පවසා සිටියේ, තමාට ඉදිරි වැඩකටයුතු පිළිබඳ බලාපොරොත්තු රැසක් ඇති බව යි.

"ඉදිරි බලාපොරොත්තු රැසක් තියෙනවා. පළමුවෙන් ම මගේ ඇල්බම් එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇල්බම් එකේ කටයුතු කරගෙන යනවා මේ දවස්වල."

ඔබේ ජනප්‍රියත්වය හරහා දේශපාලනයට පැමිණීමේ අදහසක් තිබෙනවා ද යන්නෙන් විමසූ පැනයකට සිනහ මුසු මුහුණෙන් ඇය කියා සිටියේ.

"අනිවාර්යෙන් ම නෑ. මම ආටිස් කෙනෙක්. තවම සංගීත ක්ෂේත්‍රය හදාරන කෙනෙක්. ඒ මට ඇති," යනුවෙනි.

 

 


 
THE LEADER TV 
 
අඩු අත්දැකීම් වලට ඥාණාගේ නුවන ? 
 
 
ජනපති - ශවේන්ද්‍ර කොටවන මෙහෙයුමක් ! 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්