2021 බුකර් ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතික නවකතාකරුවෙකු වන ඩේමන් ගැල්ගට්ට හිමිවිය.



ඊයේ (3) රාත්‍රියේ ලන්ඩන් නුවර BBC රේඩියෝ තියෙටර් හිදී පැවැත්වුණු උත්සවයක දී ඔහුට එම ත්‍යාගය පිරිනැමුණි.

මින් පෙර දෙවතාවක් එනම්, 2003 (The good doctor) සහ 2010 (In a strange room) දී බුකර් ත්‍යාගයේ අවසන් නිර්දේශ අතරට එක්වූ ඩේමන් ගැල්ගට්, මෙවර එම ගෞරවනීය ත්‍යාගය දිනා ගැනීමට සමත් වන්නේ "The promise" කෘතිය වෙනුවෙනි.

ඔහුට පවුම් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද එහිදී හිමිවිය.


වර්ණභේදවාද සමයේ සිට අද දක්වා දශක හතරක කාලයක් තිස්සේ පරිහානියට පත්වන දකුණු අප්‍රිකානු පවුලක් ගැන කියවෙන "The promise" ඔහුගේ නමවැනි නවකතාවයි.

 

2021 බුකර් ත්‍යාගයේ අවසන් නිර්දේශ අතරට සුදුසුකම් ලබා තිබුණු සෙසු කෘති වන්නේ ශ්‍රී ලාංකික ලේඛක අනුක් අරුද්ප්‍රගාසම්ගේ "A passage north", පැට්‍රීෂියා ලොක්වුඩ්ගේ "No one is talking about this", නඩීෆා මොහොමඩ්ගේ "The fortunate man", රිචඩ් පවර්ස්ගේ "Bewilderment", මැගී ෂිප්ස්ටෙඩ්ගේ "Great Circle" යන කෘති ය.

 121341680 bookerreu 

අවාරා 

 

සබැඳි පුවත්

2021 බුකර් ත්‍යාගය : ශ්‍රී ලාංකීය නවකතාකරු අනුක්ගේ "A Passage North" අවසන් වටයට


THE LEADER TV 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 
 
ඔන්න කිව්වේ නෑ කියන්න එපා ! | මොණරවිලගේ ලියමන
 
 
69 ලක්ෂයට වහ ඔනේ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්