ශ්‍රී ලාංකේය සාහිත්‍ය හා කලාව විෂයෙහි නිර්මාණදායකත්වය සපයන ලද කලාකරුවන් අගයනු වස් “තිස් හයවන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ“ පසුගියදා

(03) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජීවිතයේ එක්වරක් පමණක් කලාකරුවෙකුට ලැබෙන මෙම සම්මානය විවිධ කලාවන්හි නියතුව සිට මෙරට කලාවට අනගි මෙහෙවරක් සිදුකල සාහිත්‍යවේදීන් ,මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් 200 ක පිරිසක් මෙහිදී කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුහ.

අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මාර්ගෝපදේශකත්වයෙන්, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගේ උපදේශකත්වයෙන්, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේගේ අධීක්ෂණය සහ මගපෙන්වීමෙන් ද ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් මෙම උලෙළ පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව එක්ව “තිස් හයවන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ“ සංවිධාන කරන ලදී.

251136948 432025701622989 335692822270644274 n252259301 432025721622987 2577101023731908088 n252394798 432026714956221 563264115669887392 n

 


THE LEADER TV 
 
ආර්ථිකේ බැස්සා බැසිල්ලක් ! | මොණරවිලගේ ලියමන 
 
 
මහින්දට අණතුරක් දැනිලා! | 
 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්