සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කළ "Untouched" වේදිකා නාට්‍ය ඊජිප්තුවේ ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ තරගකාරී අංශයට සුදුසුකම් ලබා
තිබෙනවා.
ශ්‍රී ලාංකේය වේදිකා නිර්මාණයක් උලෙළට ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වය කි.
කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන මෙම නාට්‍ය උලෙළේ දී "Untouched" තරග වදින්නේ ඒකපාත්‍ර (Monodrama) යන තරග අංශය නියෝජනය කරමිනි.
ඒ අනුව, මෙම රංගය නොවැම්බර් 8 වැනිදා ඊජිප්තුවේ දී වේදිකාගත කිරීමට නියමිත ය.
6 වැනි වරට සංවිධානය කෙරෙන ශාම් එල් ෂෙයික් ජාත්‍යන්තර නාට්‍ය උලෙළ නොවැම්බර් 6 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වේ.
සුබුද්ධි ලක්මාලි රංගනයෙන් එක්වන "Untouched" හි රංග වින්‍යාසය සහ පසුතල නිර්මාණය ආචාර්ය එම්. සෆීර් විසිනි. සංගීතය සාගර විජේසිංහ, රංගාලෝකය වසන්ත කුමාර සහ සුජීව පතිනිසේකර, වේදිකා කළමනාකරණය එම්. සෆ්රාස්, එම්. ශාරෆ් සහ නිරෝෂ් කවිරත්න විසිනි.
මෙම වේදිකා නාටකය මින්පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 9 වැනි ෆුජයිරා අන්තර්ජාතික ඒකපාත්‍ර වේදිකා නාට්‍ය උලෙළ, ඉන්දියාවේ පැවැත්වුණු ඩම් ඩම් අන්තර්ජාතික වේදිකා නාට්‍ය උලෙළ සහ මෙරට ප්‍රේක්ෂා වේදිකා නාට්‍ය උලෙළවලට ඉදිරිපත් කර ඇත.
"Untouched" ඉන්ටර් ඇක්ට් ආර්ට් ඉදිරිපත් කිරීමකි.
-අවාරා