රුසියානු මන්දිරය හා රුසියානු සාහිත්‍ය කවය විසින් සංවිධාන කරනු ලබන රුසියානු සාහිත්‍ය කතිකාවේ සිව්වැනි වැඩසටහන අද (28) දිනයේ දී පැවැත්වීමට
නියමිත ය.
අද පස්වරු 6 ට Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ මෙම වැඩසටහන පැවැත්වේ.
රුසියානු නාට්‍යවේදී යෙව්ගේනි ෂ්වාර්ට්ස්ගේ 125 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කෙරෙන මෙවර කතිකාව නම් කර ඇත්තේ "යෙව්ගේනි ෂ්වාර්ට්ස් : සුරංගනා කතාවේ දේශපාලනය " නමිනි.
ඔහුගේ "The Dragon" (1944) නම් වූ සුප්‍රකට නාට්‍යය පාදක කොට මෙරට ප්‍රවීන නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක විසින් නිර්මාණය කළ "මකරාක්ෂයා" රංගය ගැන ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
අද සංවාද මණ්ඩපය ප්‍රවීණ ලේඛකයින් දෙදෙනකු වන ඩබ්.එස්. විජේසිංහ, චූලානන්ද සමරනායක ගෙන් සමන්විත වේ.
පහත සඳහන් සබැඳිය ඔස්සේ ඔබට ද මෙම වැඩසටහට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ.
Meeting ID: 948 8466 9342
Passcode: 602218
Join Zoom Meeting
https://zoom.us/j/94884669342...
හරබර හා රසබර රුසියානු සාහිත්‍ය කතිකාවක් සමගින් හමුවෙමු!
THE LEADER TV
සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන
සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !