2022 1.9 දින අනිද්දා පුවත් පතේ උදන් ප්‍රනාන්දු විසින් ගෝත්‍රය යනුවෙන් කොලමිය කෙටි කතාවක් පල කර තිබි කියවිමි.
එහි අන්වර්ත නම් සදහන් ඇතමුන්ට එම කොලම රිසි නොවිය හැක. නමුත් දිගුකාලයක් සමාජ බාවිතයන් සමග සිටි සුසිල් සාන්තට නම් එය අපුරු ලිවිමක්ලෙස පෙනේ.
එනයින් එහි තුබු කරුණු දෙකක් පිලිබඳව ලිවිමට සාන්තට සිතුණි.
පලමු වැන්න සමන්ත විද්‍යානන්ද ගැන වු සටහනයි. සුසිල් හමුවන හැම විටම සමන්ත සුසිල්ට නිසි ගෞරවයක් සහිතව කතා කරනු මතු නොව වරක් මැටිගහ තැන්න මළ ගෙදරක ගොස් ආපසු එනවිට ඔහුගේ වාහනයේ රියදුරු අසුන අසල ආසනය බලෙන්ම සාන්තට දි පසුපස අසුනේ ලැලි බංකුව මත පස්සරට එනතෙක්ම ඉඳ ගෙන ආවේය.
සාන්තගේ වයස නිසා විය යුතුය. විද්‍යානන්ද එවැනි මිනිසෙක්ය.
දෙවැන්න සාන්තට වඩා තරුණ දෙදෙනෙක් ඉහල දායක සබාවේ නියෝජිතයන් ලෙස පත්ව තිබීමය. එහි තේරුම ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ඨ සාන්තට එම දායක සබාවේ නියෝජනයක් නොමැකි වුබවය. ඒගැන කිව යුත්තේ එය නිවරැදි බවය.
මේරට වෙනස් කල හැක්කේ ජවය සහිත තරුණයින්ට මිස වයසක මැන්ටල් වන සාන්තලාට නොවේය. සාන්තලාගේ තරුණ වියේදි සාන්තලා ඒ උත්සාහය යම් තරමකට ගෙන තිබුනද අරමුණ ඉටු නොවීය. නමුත් වර්තමාන තරුණ පරපුර ඒ වෙනස කරනු නියතය. ඔවුන් පත්වු ඒ සබාව ඊට නායකත්වය දෙනු ඇත .
දැන් සාන්තලාට කල හැක්කේ ඔවුන්ව දිරිමත් කිරිමය. සාන්ත සැමදාම සිතුවේ එසේය. එනයින් තරුණයින් ගැන වන අවසන් කතාව සාන්ත ගැන අව තක්සේරුවක් යයි සාන්ත සිතයි.
නමුත් මේ කොලමට පාදක වුකරුණු සොයා ගැනීමට උදාන් මහත් වෙහෙසක් ගන්නට ඇත. එසේ සොයා ගත් කරුණු ගැලපිමද පහසු කාර්යයක් නොවේ. සමහර කරුනු සාන්තගේ මතකයෙන්ද මැකි ගොස් තිබුණි. ඒවා යළි සිහිපත් කිරිමද අරුමයකි.
කෙසේ වුව මේ කෙටි කතාව යයි උදාන් හඳුන්වන ලිපියට මම කැමත්තෙමි. විවේචනයක් වේ නම් එය ද බාර ගන්නේ ස්තුතිපුර්වකය. ඒ ශක්තිය සාන්තට ඇත.
ස්තුතියි, උදාන්.කේ සුනිල්සාන්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සබැඳි කෙටි කතාව:
ගෝත්‍රය : කොලමීය කෙටි කතාවකි
මළපොතේ අකුරු බැරි මොළහතේ අගමැති !| මොණරවිලගේ ලියමන
පවුල රකින්න බැසිල්ගෙන් පොදු අපේක්ෂකයෙක්! Gossip
225ටම ඇමතිකම්! | වියත්කතා
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil