2021 වසරේ පැවැත්වීමට නියමිතව, නොවැළක්විය හේතු නිසා කල් දැමුණු "23 වන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය" සහ "2020 ගොඩගේ

අත්පිටපත් තරගයේ සම්මාන ප්‍රදානෝත්සවය" මෙම වසරේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.



ඒ අනුව, සම්මාන ප්‍රදානෝත්සවය 2022 පෙබරවාරි 2 බදාදා දින පස්වරු 2.30ට කොළම 07 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී  පැවැත්වෙනු ඇත.



දැනට නිකුත්ව ඇති සම්මාන නාම ලේඛනයට අයත් ලේඛක ලේඛිකාවන් සහ 2020 අත්පිටපත් තරගයේ අවසන් වටය නියෝජනය කළ ලේඛක ලේඛිකාවන් ඇතුළු සිමිත ආරාධිතයන් පිරිසකට පමණක් පවතින සෞඛ්‍ය නීති අනුව එම අවස්ථාවට සහභාගී වීමට ඉඩ සලසා ඇති බවයි සංවිධායකයින් පවසන්නේ.

 

271262313 4657940210987898 3012010124241649790 n

එම වසරට අදාළව සම්මාන හිමි ග්‍රන්ථ සහ ඊට අදාළ කර්තෘ නාමයන් සංවිධායක මණ්ඩලය විසින් පසුගිය වසරේදී පුකාශයට පත් කර තිබුණු අතර එම ග්‍රන්ථ උදෙසා සම්මාන ප්‍රදානය කිරීම සහ ජයග්‍රහණය කළ 2020 වසරට අදාළ අත්පිටපත් වෙනුවෙන් සම්මාන සහ මුදල් තාග්‍යයන් ද, ප්‍රශස්ත ඇගයීම් ලද අත්පිටපත් සහ අවසන් වටය නියෝජනය කළ අත්පිටපත් සඳහා තෑගි වවුචර් සහ සහතික පත් ප්‍රදානය කිරීමත් එකම උත්සව සභාවක දී සිදු කෙරේ.

271743010 4657940920987827 1055924431930968545 n

අත්පිටපත් තරගයේදී අවසන් වටය නියෝජනය කළ සියලුම නිර්මාණ මේ වනවිටත් මුද්‍රණය කර ඇති අතර ඒවා එළි දැක්වීම ද එම අවස්ථාවේ දි සිදු කෙරෙනු ඇත.

අදාළ සියලු ලේඛක ලේඛිකාවන් ලබා දී ඇති ලිපිනයන්වලට  ආරාධනා ලිපිය තපෑලෙන් යොමු කරන අතර යම් හෙයකින් ලිපි බෙදීමේ පමාවක් වී නම් මෙම සටහන ආරාධනා ලිපිය සේ සලකා අදාළ දින නියමිත වේලාවට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයට පැමිණෙන මෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.

271055961 4657941684321084 3109303207494755486 n270253295 4657942734320979 7723225261275957230 n

එසේම, බලපවත්නා සෞඛ්‍ය නීතිවලට අදාළ ව මුඛ ආවරණ පැලඳ ශාලාවට ඇතුළුවීමට කටයුතු කරන්නැයි සංවිධායකයන් වැඩිදුරටත් සියලු ආරාධිතයන්ගෙන් ඉල්ලා ඇත.

271723786 4657945280987391 3510384002248840808 n

වැඩිදුර තොරතුරු විමසීම් - 0715 316 568 - අනුරසිරි හෙට්ටිගේ (සංවිධායක)

මුලාශ්‍ර : අනුරසිරි හෙට්ටිගේ මුහුණු පොතෙනි

 

books as

Leader Whats app


 
ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip
 
 
ராஜபக்ச தரப்பை கிலிகொள்ளவைத்த கருத்துக் கணிப்பு |
 

2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 

විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 

සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?

 
225ටම ඇමතිකම්! | වියත්කතා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්