දැනට රජය සතු කඩුවෙල ආසන්නයේ පිහිටි අක්කර 185ක් පමණ විශාල පැරණි වානේ සංස්ථා ඉඩම කිසිදු මුදල් අය කිරීමකින් තොරව (නිදහස් දීමනා

පත්‍රයකින්) ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසින් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඇමැතිවරු කිහිප දෙනෙකු ම විරෝධය පළ කිරීම නිසා, අවසන් මොහොතේ එම කැබිනට් පත්‍රිකාව ඉවත් කරගෙන තිබේ.

රුසියානු රජයේ ආධාරයක් ලෙස මෙරටට ලැබුන ඔරුවල වානේ කම්හල 1996 දී කොරියානු සමාගමකට විකුණනු ලැබූ අතර අනතුරු එම සමාගම ශ්‍රීලාංකික ව්‍යාපාරිකයකු වන නන්දන ජයදේව ලොකුවිතාන විසින් මිලදී ගනු ලැබිය.

 රජය විසින් වානේ කම්හල විකුණා ඇතත් ඊට අදාල ඉඩම විකුණා නොතිබිණ.


 

ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කැබිනට් පත්‍රීකාවකින් යෝජනා කර ඇත්තේ, මේවනවිට රුපියල් බිලියන 5ක පමණ වටිනාකමකින් යුතු එම ඉඩම කිසිදු මුදල් අය කිරීමකින් තොරව අදාල ව්‍යාපාරිකයාට ලබාදීමටය.  

 

අදාල ව්‍යාපාරිකයා ට රජයේ ඉඩම් 3ක් ලබාදීම සඳහා ඉඩම් අමාත්‍යවරයා විසින් පසුගිය කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රීකා 3ක් වෙන වෙනම ඉදිරිපත්කර තිබී ඇත.

කෙසේවුවද ඔරුවල වානේ කම්හල ඉඩම පැවරීමට අදාල කැබිනට් පත්‍රීකාව ඉදිරිපත් වූ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් බරපතල ලෙස විරෝධය පළකර ඇත.

මෙහිදී පළමුව අදහස් දක්වා ඇති උදය ගම්මන්පිල අමාත්‍යවරයා, මේවනවිට බිලියන 5ක් පමණ වටිනා මෙම ඉඩම  නොමිලේ ලබාදීම සඳහා යෝජනා කිරීම දැඩිලෙස විවේචනය කර ඇත. වානේ සංස්ථාව විකිණීමේදී මෙම ඉඩම පවරාදී නොමැති බව ඔහු අවධාරණය කර තිබේ.

එහිදී ඉඩම් අමාත්‍යවරයා පවසා ඇත්තේ, වානේ කම්හල විකිණීමේදී ඉඩමද පවරා දී ඇති දී ඇති  බවයි. එසේනම් එම ඉඩමට අදාලව 1996දී රජයේ තක්සේරුකරුගේ වාර්තාව ඉදිරිපත්කරන ලෙස උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය විමල් විරවංශ, වානේ කම්හල පැවරීමේදී ඒ අසල තිබු මහජන ක්‍රීඩාංගනයක් ද කොරියානු සමාගම විසින් අත්පත්කරගෙන ඇති බැවින් එහි නිත්‍යානුකුල භාවය ද සොයා බලා එම ඉඩම ප්‍රදේශවාසීන් වෙනුවෙන් නිදහස් කරන්නැයි යෝජනා කර තිබේ.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විරෝධය මතු කරද්දී,  අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිනාසෙමින් පවසා ඇත්තේ මේ ඉඩම පැවරුවහොත් වාසුදේව අමාත්‍යවරයා නඩු මගට යාහැකි බවයි. මීට පෙර වෝටර්ස් එජ් ඉඩම පැවරීම උසාවියෙන් අවලංගු කළ පරිදි ගනුදෙනුව අවලංගු කර නැවත ඉඩම රජයට පැවරෙනු ඇති බව ද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.


කැබිනට් ලේකම්වරයා මතය :


මෙහිදී කැබිනට් ලේකම්වරයාගෙන් මෙහි නෛතික තත්ත්වය ගැන මතයද අමාත්‍යවරුන් විමසා තිබේ.

 

ප්‍රවීණ පරිපාලන නිලධාරියකු වන කැබිනට් ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු ඒ අවස්ථාවේ ප්‍රකාශ කර ඇත්තේ, රජයේ කිසියම් ඉඩමක් නිදහස් දීමනා පත්‍රයකින් පැවරිය හැක්කේ ආගමික හා සංස්කෘතික කටයුත්තකට පමණක් බවය. ව්‍යාපාරවලට ඉඩම් පැවරිය යුත්තේ දිගුකාලීන බදු පදනම යටතේ රජයේ තක්සේරුවට මිස නිදහස් දීමනා පත්‍රය මගින් නොවන බවද කැබිනට් ලේකම්වරයා කියා ඇත.

 

මේ ආකාරයට එම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් මතු වූ දැඩි විරෝධය නිසා ඉඩම පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගැනීමට අමාත්‍ය චන්ද්‍රසේනට සිදුවූ බව වාර්තා වෙයි.


එස්.එම්. ට හිට්ලර් මතක් වේ !


මෙසේ තමන්ගේ ව්‍යාපෘතියකට ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් ම විරෝධයක් මතුවීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටින ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන පාර්ලිමේන්තුවේ දී පැවසුයේ, අද පවතින ප්‍රශ්න අනුව මේ රටට අවශ්‍ය වන්නේ හිට්ලර්ලා වැනි නායකයන් බවයි.

දැඩි බැසිල් වාදියකු වන චන්ද්‍රසේන අමාත්‍යවරයා ඒ  බව පැවසූවේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ 21දා පාර්ලිමේන්තුවේදී පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.

 

 

Leader Whats app


 
 
 
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්