හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වන අලින් මන්දපෝෂණ තත්ත්වය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියයන බවට වාර්තා වෙයි.



ඒ සම්බන්ධයෙන් කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ වසර පහක කාලයක් තුළ මෙහි වන අලි 12 දෙනෙකු මියගොස් ඇති බවය.

ඉන් 5 දෙනෙකු මියගොස් ඇත්තේ, මන්දපෝෂණ තත්ත්වයෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

හෙක්ටයාර 997ක විහිදී ඇති හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ආරම්භ වන්නේ, දීර්ඝ කාලයක පටන් මෙරට පවතින අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ අරමුණිනි.

වගාවන්ට සහ මිනිස් ජීවිතවලට හානි පමුණුවමින් ගම්වදින වන අලි මෙහි ගෙනඑන්නේ 2015 වසරේ සිටය.

වනජීවි දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ආරම්භයේදී මේ මධ්‍යස්ථානය තුළ ලියාපදිංචි කෙරුණු වන අලි ගණන 52කි.

නමුත් 2019 ජුනි මසදී ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, අලි 52න් 12දෙනෙකු මියගොස් ඇති බවය.

ඉන් අලි 5 දෙනෙකුම මියගොස් ඇත්තේ ප්‍රමාණවත් ආහාර නොමැතිකමින් හා මන්දපෝෂණ තත්ත්වයෙන් බව එම වාර්තාවේ සඳහන් වී තිබේ.

එය තහවුරු වන්නේ, අලි මරණ සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණ වාර්තා මගිනි.

කෙසේවෙතත් බලධාරීන් පවසන්නේ, අලි මන්දපෝෂණ තත්ත්වයෙන් මියගොස් නොමැති බවය.


(adaderana.lk)

 

Leader Whats app


 
 
 
 
වැඩේ අල කරගත් දකුණු කොරියානු කතානායක තිබුන යානයකින් පැනයයි ! | මොණරවිලගේ ලියමන
 
 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip

 
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්