තිස් හතර වසරකට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළාත් සභාවලට එරෙහි වූ දෙමළ නායකයන්ම ඉන්දියාවේ උවමනාවට දැන් එය ක්‍රියාත්මක

කිරීමට වෙහෙසෙන බවට චෝදනා එල්ල වී තිබේ.

ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර පළාත් සභා පිහිටුවමින් ක්‍රියාත්මක කළ බලය බෙදීම තහවුරු කිරීමට මැදිහත් වන මෙන් ඉන්දියානු රජයෙන් ඉල්ලා සිටින සන්දේශයක් ඉකුත්දා දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන අක්ෂ විසින් මෙරට ඉන්දීය මහකොමසාරිස් වෙත බාර දෙන ලදී.

''අවුරුදු 34 කට කලින්, 1987 දී මේ 13 වැනි සංශෝධනයත්, පළාත් සභා නීතියත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න හදන කොට අද TNA නායකයා ආර්. සම්බන්ධන් එදා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ හිටියේ. එයයි TULF සභාපති සිව සිත්තම්පලම්, අමිර්තලිංගම්  තුන්දෙනා එකතුවෙලා රජිව් ගාන්ධිට ලියුම් ලිව්වා 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන්න එපා කියල. එදා නවත්වන්න කියලා ඇයි අද ඕනෑ කියන්නේ,'' යැයි වවුනියාවේ පැවති දේශපාලන සාකච්ජාවකින් අනතුරුව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අමතමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පැවසීය

 

සති අන්තයේ පැවති එම මාධ්‍ය හමුවේදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියා සිටියේ 34 වසරකට පෙර ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ජනයා සංහාරය කිරීමෙන් පසුත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බවයි.

 

''යුද්දය ඉවර වුනාට පස්සේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකයා TNA නායකයෝ ඔක්කොම හමුවෙලා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිගන්න ඕනෑ කියා ඉල්ලා සිටියා. ඒක තමයි දැන් මේ ඇවිත් තියෙන්නේ. මේක දැනගෙන තමා අපි TNA  එකෙන් අයින් වෙලා අවුරුදු 11ක් තිස්සේ ජනතාවට පැහැදිලි කළේ. දැන් ඒක එළිපිටම සිදුවෙනවා. අපි මේකට විරුද්ධයි.13 වැනි සංශෝධනය කියන්නේ ඒකීය රාජ්‍ය ඇතුලේ ක්‍රියාත්මක වන දෙයක්,'' යැයි ද දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා සඳහන් කෙළ්ය.

 පොන්නම්බලම් පෙන්වා දෙන්නේ ඒකීය රාජ්‍යයේ සලකුණ වන සිංහ කොඩිය, ලංකාවේ නිදහස් දිනය ආදී  සිංහල බෞද්ධ ආධිපත්‍යයේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් අරගල කළ දෙමළ ජනයාගේ ජාතික දේශපාලනය වෙනස් කිරීමේ වෑයමක් පවතින බවකි.

''ඒකීය රාජ්‍ය තුල දෙමළ ජනයා මට්ටු කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව අපි කටයුතු කරනවා,'' යි දෙමළ ජාතික ජනතා පෙරමුණු නායකයා වැඩි දුරටත් පවසයි.

වර්තමාන ආණ්ඩුවේ අගමැති ධුරය හොබවන මහින්ද රාජපක්ෂ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව දකුණේ සන්නද්ධ කැරැල්ලක් ගැසූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ හවුල්කාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී නායකයකු වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙසින් එම කැරැල්ල කුරිරු ලෙස මර්දනය කිරීමට සක්‍රිය ලෙස දායක වූවෙකි.



සබැඳි පුවත් :

ආණ්ඩුවට ඉන්දියාව ලවා බලපෑම් කිරීමට දෙමළ පක්ෂ 7ක් එක්වෙයි

සුළුජන පීඩක ඉන්දිය අගමැතිගෙන් ලංකාවට යුක්තිය ඉල්ලීමට විරෝධය

දෙමළ-මුස්ලිම් හවුල් ලියවිල්ලට තමිල් අරසු කච්චි නෑ

අගමැති මෝඩිට දෙන දෙමළ-මුස්ලිම් හවුල් ලියැවිල්ල ගැන අදත් සාකච්ඡා

ශ්‍රීලනිපයෙන් දෙමළ-මුස්ලිම් එක්සත් කමට උදැල්ලක් !

ග්ලෝබල් ටවර් දෙමළ-මුස්ලිම්නායක සාකච්ඡාවේ කතා කළේ මොනවාද?


Leader Whats app


 
 
 
 
වැඩේ අල කරගත් දකුණු කොරියානු කතානායක තිබුන යානයකින් පැනයයි ! | මොණරවිලගේ ලියමන
 
 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip

 
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්