1200 x 80 DMirror

කෝවිඩ් වසංගතයට මුවාවී කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකරන පෞද්ගලික සමාගම් සුක්ෂම ලෙස වෘත්තීය සමිති මර්දනය දියත් කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.


දිනෙන් දින ඉහල යන ජිවන වියදම හමුවේ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට නොයෙකුත් හේතු කියමින්  කල් මරමින්, කම්කරු සටන් දියාරු කිරීමට හාම්පුතුන් විසින් සුක්ෂමව වැඩ කරන බව ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය [CMU] පෙන්වා දෙයි.

''පසු ගිය සතියේ ඉඳන් වැටුප් වැඩි කරන්න කියලා මොරිසන් සමාගමේ කම්කරුවෝ උද්ඝෝෂණය කරනවා. ඒත් සමාගම කියන්නේ සියයට 7.5 කින් සොච්චම් වැටුපක් දෙන්නම් කියලා. ඒත් කම්කරුවෝ ඉල්ලන්නේ සියයට 12.5 කින් පඩි වැඩි කරන්න,''යි ලංකා වෙළෙඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ සභාපති මංගල අබේවික්‍රම පවසයි.


ජේ.එල්.මොරිසන් පුත්‍ර සමාගම දශක ගණනාවක් මෙරට බෙහෙත් ද්‍රව්‍ය නිපදවීමේ ප්‍රමුඛයෙකි. 2013 සිට එහි හිමිකාරිත්වය ඇත්තේ මෙරට ප්‍රකට හේමාස් සමුහ ව්‍යාපාරයටය.


''හේමාස් ගෘප් එකේ කිසිම ආයතනයක වෘත්තීය සමිති නැහැ. එත් ඒගොල්ලෝ මිලදී ගත්තු මොරිසන් සමාගමේ 60 දශකයේ ඉඳන්ම අපේ වෘත්තීය සමිති ශාඛාවක් වගේම සාමුහික ගිවිසුමක් ද ක්‍රියාත්මක වුණා.හේමාස් කළමනාකාරිත්වය මතු පිටින් නොපෙන්නුවාට එයාලට ඕනේ වෘත්තීය සමිති අයිතිය කම්කරුවන්ට අහිමි කරන්න,'' යි CMU සභාපති සඳහන් කරයි.

වැල්මෙලික්ස්, ලැක්ටෝ කැලමයින්, මොරිසන් ග්රයිප් මික්ස්චර් සහ විටමින් සී ඇතුළු විටමින් වර්ග රැසක් නිපදවන මොරිසන් සමාගම හේමාස් සමුහයේ හිමිකාරිත්වයට පත්වූ පසු වැඩ වේගවත් කෙරුණු අතර කෝවිඩ් 19 වසංගතය පැතිරීම හේතුවෙන් සමාගම ඉහල ආදායමක් ලබා ගෙන තිබේ.

 මොරිසන් කම්කරු සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ ඉහල අදායම් ලබන සමාගමට සියයට 12.5 කින් වැටුප් වැඩි කිරීම පහසුවෙන්ම කළ හැකි බවයි.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිය ගනනකට වැඩි මොරිසන් කම්කරුවන් විසින් මට්ටක්කුලිය බෙහෙත් ද්‍රව්‍ය නිපදවන කම්හල ඉදිරිපිට පිකටිං කිරීමෙන් ඇරඹි සටන අතිකාල සේවා අත්හැරීම දක්වා වර්ධනය වී ඇතැයි වෘත්තීය සමිති නායක අබේවික්‍රම පවසයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ හේමාස් සමාගම විසින් ජේ.එල් මොරිසන් සන්නාමය යටතේම බෙහෙත් ද්‍රව්‍ය නිපදවීමේ නව කර්මාන්ත ශාලාවක් හෝමාගම ආරම්භ කර ඇති බැවින් මට්ටක්කුලියේ කම්හලේ කම්කරුවන්ට වන්දි ක්‍රමයක් හඳුන්වා සේවයෙන් විශ්‍රාම ගැන්වීමේ සුක්ෂම වැඩ පිළිවෙලක් දියත්ව ඇති බවයි.

වෘත්තීය සමිතිය තුල සංවිධාන ගතව සිටි කැළණිය පිහිටි මොරිසන් සමාගමේ ගබඩා සංකීර්ණයේ සේවකයන් ද මෙවැනි වන්දි හා විශ්‍රාම ක්‍රම මගින් ගෙදර යවා, එහි වැඩ 'අවුට් සෝස්' ක්‍රමයට පිටට කොන්ත්‍රාත් ලබා දී ඇති බවද CMU සභාපති පෙන්වා දෙයි.

CMU12 2021.01.26 1

 

 
මේ මාසෙත් ඩොලර් නැහැ මේකත් විකුණමු ! | මොණරවිලගේ ලියමන
 

 
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය