එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා පෙරේදා (10) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවති අතිශයින් තීරණාත්මක සාකච්ජාවට එක්ව සිටි හැටන් නැෂනල් බැංකු සමාගමේ සභාපති දිනේෂ් වීරක්කොඩි, රාජපක්ෂවරුන්ගේ 'පිල්ලියක් ද ? යන බරපතල සැකයක් මතුව ඇතැයි සජිත් ප්‍රේමදාසට හිතවත් එජාප පසුපෙළ මන්ත්‍රීවරයකු පැවසිය.

ඔහු එබව පැවසුයේ, දිනේෂ් වීරක්කොඩි 'රනිල්-සජිත් සාකච්ජාවට' එක්කර ගත්තේ කුමන පදනමකින් දැයි theleader.lkකළ විමසීමේදීය. දිනේෂ් වීරක්කොඩිට එම සාකච්ජාවට ආරාධනා කර ඇත්තේ අගමැතිවරයා බව ද නම සඳහන් කිරීමට අකමැතිවූ අදාළ මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

දිනේෂ් වීරක්කොඩි ඊයේ (11) කතානායක කරු ජයසුරිය හමුවී ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නැයි ඉල්ලීමක් කර ඇතිබවද පැවසු එම මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ කියා සිටියේය. 

'' අපට තියෙන තොරතුරුවලට අනුව දිනේෂ් වීරක්කොඩි ඊයේ කතානායක කරු ජයසුරිය මහත්තයව හමුවෙලා, ජනාධිපතිවරණයට එන්නැයි එතුමාගෙන් ඉල්ලීමක් කර තියනවා. එවැන්නකට අගමැතිතුමාගේ පුර්ණ සහය හිමිවන බවද ඔහු පවසා තියනවා. එතුමාට ජනාධිපතිවෙන්න හැකියාවක් තියන බව ඔහු සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් අවධාරණය කරලා තියනවා. 

''ගෝඨා පරදින්නේ කරූට විතරයි සමීක්ෂණයකින් හෙළිවෙයි'' යනුවෙන් ඇතැම් වෙබ් අඩවිවල නිව්ස් ප්ලාන්ට් කරලා තිබුනේ මේ සාකච්ජාවට සමාන්තරව. Dinash text1

දිනේෂ්, ජයසුරිය මහත්තයට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්න කියල තියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා, පොදු අපේක්ෂකයෙක් විදියට. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ සහයත් සිවිල් සමාජවල සහයත් ලබාගන්න පුළුවන් කියලා පැහැදිලි කරලා තියනවා. 

මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ සියයට අනු පහකට වැඩි පිරිසක් ඉල්ලන්නේ සජිත් ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා. අගමැතිවරයා හිත හදා ගෙන ඉන්නේ සජිත්ට ජනාධිපති අපේක්ෂක කම ලබාදෙන්න, ඉරිදා වෙනකොට සියලු කටයුතු අවසන් කරන්න එතුමා එකඟ වෙලා තියනවා. එහෙම තියෙද්දී දිනේෂ් වීරක්කොඩි බරපතල කුමන්ත්‍රණයකට සැරසෙනවා. දිනේෂ් වීරක්කොඩි රාජපක්ෂලාගේ පිල්ලියක් ද කියල සැකයක් මතුවෙන්නේ එනිසා. රාජපක්ෂලාට ඕන සජිත් එන එක වලක්වන්න. දිනේෂ් වීරක්කොඩි පැහැදිලිවම කරන්නේ රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක්''' 

දිනේෂ් වීරක්කොඩි ගොට්ටෙක් ද?

අමාත්‍ය ජෝන් අමරතුංග  මහතාගේ බෑණනුවන් වන විරක්කොඩි, අගමැතිවරයාගේ සමීප හිතවතෙකි.  එසේම ඔහු රාජපක්ෂවරුන්ගේ ද සමීප හිතවතෙකි. රාජපක්ෂ පාලන සමයේ දී ඔහුට එම රජයෙන් ද විවිධ තනතුරු හා වරප්‍රසාද හිමිව තිබිණ. 

දේශපාලන හා ව්‍යාපාරික 'ඩීල්'කරුවකු ලෙස ප්‍රකට වීරක්කොඩි, ආණ්ඩු සැදීමට හා කැඩීමට ද විවිධාකාරයෙන් දායකවුවෙකි. 2015 රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසු 2015 වසරේදී ''ග්‍රේට්‌ නොවැම්බර් රිවලූෂන්' -Great November Revolution" යන නමින් ග්‍රන්ථයක් ද 'රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය' නමින් 2017 වර්ෂයේදී තවත් ග්‍රන්ථයක් ද එළිදැක්විය.

November Texrකරුගේ ස්ථාවරය ?

එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ එකඟත්වයෙන් යුතුව තමන්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දුනහොත් සීමිත කාලයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ බලාපොරොත්තුවෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් බව කථානයක කරු ජයසූරිය, එජාප නායකත්වයට දන්වා ඇතැයි මිට ඉහත දී මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ඔහු මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු කිහිප දෙනෙකුගෙන් ලැබුන ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස බවත්, කෙසේ වෙතත් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තීව්‍ර කරමින් අනෙක් පුද්ගලයන් කපා දමමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා බලාපොරොත්තු නොවන බවත්  කතානායකවරයා එහිදී කියා ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

Dinaesh text 2ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කිරීම පිණිස කරු ජයසූරිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ඇතැයි පැතිර යන ආරංචි සත්‍යයකින් තොර බවද ඔහු අවධානයන කළ බව එවැනි පුවත් වාර්තාවල තවදුරටත් වාර්තා කර තිබිණ.


කවුරු ආවත් සජිත් එනවා !

එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී පක්ෂයෙන් බාහිර පුද්ගලයකු ලෙස කතානායක කරු 
ජයසුරිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් විමසිම සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අප දරු උත්සාහය අසාර්ථකවිය. ඇමතිවරයා අස්ගිරි විහාරයේ පැවැත්වෙන උත්සවයකට සහභාගී වෙමින් සිටින බව ඔහුගේ ආරක්ෂක නිලධාරියකු පැවසිය. 

එහෙයින් එම කාරණය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජනාධිපතිවරණ  කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අනිවාර්යයෙන් ම ඉදිරිපත්වන බවයි.
                                                                                                                                                                             Dinaesh text 3

''එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟතාවයෙන්. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව සජිත් ඇමතිතුමා දැනටමත් පක්ෂ නායකත්වයට දැනුම්දීලා තියනවා. තවත් නම් ඉදිරියේදී ඉදිරිපත්වේවි. රනිල් නායකතුමා නම් ඉදිරිපත්වන බවක් තාම කියලා නැහැ. කරු ජයසුරිය කතානායක තුමත් කියලා තියන්නේ පක්ෂයේ පූර්ණ එකඟත්වයකින් තොරව තමා ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. කව්රුවත් කපාගෙන එන්නෙත් නැහැ කියලා. සජිත් ඇමතිතුමා දැනටම රටටම කියල තියනවා එතුමා එනවා කියල. 

කොහොමවුනත් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තරඟයක් මතුවුනොත් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ ඡන්දයකට ඉදිරිපත්වෙන්න සජිත් ඇමතිතුමා දැනටම තීරණය කරලා තියන්නේ. මේක බටහිර රටවල පක්ෂ අභ්‍යන්තර තුල තියන හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. පක්ෂය ඇතුලෙන් දිනලා ගෝඨාත් එක්ක හැප්පෙන එක වඩාත් හොඳයි.'' එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසිය.


-

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්