‘ඝාතනයට, අතුරුදන්කිරීමට, ප්‍රහාරයට හා තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනු’ යන්න තේමා කර ගනිමින් ඊයේ (ජනවාරි 26) සවස පැවති සමරු වැඩසටහනට සංවිධානාත්මක පිරිසකගේ දැඩි බාධා එල්ල

විය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ මෙම වැඩසටහන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කලින් සැලසුම් කොට තිබූ අතර, එම පරිශ්‍රය තුළ කොවිඩ් අවදානමක් උද්ගත වීම නිසා එය Zoom ඔස්සේ මාර්ගගතව පැවැත්විණි.

සවස 5.15 ට පමණ වැඩසටහන ආරම්භ කොට සුළු වේලාවකට පසු, එයට මාර්ගගතව සම්බන්ධ වී සිටි සංවිධානාත්මක පිරිසක් වැඩසටහන එක් වරම ආක්‍රමණය කොට විවිධ ශබ්ද නිකුත් කරමින් හා ඔවුන් ආගමික අන්තවාදී පිරිසක් බව හැඟවෙන ආකාරයේ ආගමික පාඨ කියමින් දිගින් දිගටම ඊට බාධා එල්ල කළහ. පසුව එම ප්‍රහාරකයන්ගේ සබඳතා විසන්ධි කොට තත්ත්වය පාලනය කර ගැනීමට සංවිධායකයෝ සමත් වූහ.



ශ්‍රී ලංකාවේදී පැවති මාර්ගගත වැඩසටහනකට මේ ආකාරයේ ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙයයි.




මෙම වැඩසටහනේදී ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ සැඟවෙන මාධ්‍ය මර්දනය’ පිළිබඳව නීතිඥ අර්මිසා ටේගල්, ‘ICCPR අවභාවිතයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංගනය’ පිළිබඳව නීතිඥ ප්‍රබෝධ රත්නායක, ‘රාජ්‍ය ආරක්ෂාව හා දෙමළ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව’ පිළිබඳව උදයන් පුවත්පතේ හිටපු කර්තෘ තේවනායගම් ප්‍රේම්නාත් සහ ‘ගවේශනාත්මක මාධ්‍යවේදීන් ආවේක්ෂණය හා දඩයම’ පිළිබඳව මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ අදහස් දැක්වූහ.



272452733 10222913552761999 5350076637773844034 n

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘කළු ජනවාරිය සැමරුම’ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතරුදන් කිරීම ඇතුළු මාධ්‍යවලට හා මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධවලට යුක්තිය ඉටු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන්නකි.

වැඩසටහනට එල්ලවූ බාධා කිරීම හා ඉන් පසුව පැවති දේශන හා සාකච්ඡාව පහත වීඩියෝව ඔස්සේ නැරඹිය හැකි ය.

  

 

 

Leader Whats app


 
 මුං ගොවියෝ මුං එළවන්න පෙරමුණ ගනී ! | මොණරවිලගේ ලියමන

 
 
 
මේ මාසෙත් ඩොලර් නැහැ මේකත් විකුණමු ! | මොණරවිලගේ ලියමන
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්