"වැඩි කළ ගුරු වැටුපට සාපේක්ෂව සෞඛ්‍ය වෘත්තික වැටුප් ගලපනු" ඇතුළු ඉල්ලීම් හතක් මුලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ජනවාරි 26 වැනි බදාදා
බස්නාහිර පළාතේ සියළු රජයේ රෝහල්වල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කර තිබේ.
මෙම වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් සහභාගී වු බව අගනගරයේ වාර්තාකරුවෝ පවසති.
එම වර්ජනයට සමගාමීව ජාතික රෝහල ඉදිරිපිටින් විරෝධා පා ගමනක් ආරම්භ කර සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී රැලියක් පැවැත්වීමටත් උද්ඝෝෂකයන් ක්‍රියා කර තිබේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් බලධාරීන්ට අවධාරණය කළේ ප්‍රශ්න වලින් පලා ගොස් ප්‍රශ්න විසදිය නොහැකි බවයි.
''සෞඛ්‍ය ඇමති හැංගිලා''
"දැං සෞඛ්‍ය ඇමතිවරයා හැංගිලා ඉන්නේ. මොල හතේ මුදල් ඇමති ආගිය අතක් නැහැ. ප්රශ්නය මග හැරලා, ප්‍රශ්නයෙන් පලා ගිහින් ප්‍රශ්න විසදන්න බැහැ. ඒ නිසා අපි කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිට, බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිට කියනවා ප්‍රශ්න වලට මුහුණ දෙන්න. උවමනාවෙන් වරද්දා ගත්ත ප්‍රශ්නයක් වුණත්, පෞරුෂයක් තියෙන ඇමැති කෙනෙකුට සාකච්චා කරලා විසදුම් හොයන්න පුළුවං. ඒත් අපේ රටේ ඇමතිලා ප්‍රශ්න දැකලා හැංගෙනවා. රටේ ප්‍රතිපත්ති උවමනාවෙන්ම අවුල් කරලා මග හැරලා පලා යනවා."
පෙබරවාරි 7සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් !
වගකීමක් නැති ඇමැතිලා සහ ආණ්ඩුවක් තිබෙන රටක වර්ජන කරනවා හැර වෙන විකල්පයක් ඉතිරි නොමැති බව සදහන් කරන වෘත්තියවේදියා තවදුරටත් අවධාරණය කලේ බස්නාහිර පළාතේ සිදු කළ වර්ජනයටත් උත්තර දීමට ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්නම් පෙබරවාරි 7සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.
"අපි ප්‍රශ්න විසදාගෙන වැඩට එනකං සෞඛ්‍ය බලා ගන්න කියලා අපි සෞඛ්‍ය ලේකම් ඇතුළු නඩයට කියනවා."
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලයේ ප්‍රධාන ඉල්ලීම් :
1. ගුරු වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම,
2. උසස් අධ්‍යාපන සුදුසුකම් රාමුවට ගැලපෙන පරිදි සෞඛ්‍ය වෘත්තීයවේදී උපාධිධාරී වැටුප් විෂමතාවය ඉවත් කරනු,
3. රනුක්ගේ වැටුප් නිර්දේශ ක්‍රියාත්මක කරනු,
4. සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සෞඛ්‍ය පරිපාලනය සදහා අවස්ථාව සලසනු,
5. අමාත්‍ය මණ්ඩලය අනුමත කල 5/7 උසස්වීම් ක්‍රමය සදහා චක්‍රලේඛය වහා නිකුත් කරනු,
6. ගජමිතුරු ප්‍රසම්පාදන වලක්වා, අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වල මිල පාලණය කරනු,
7. සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කරනු