උතුරු පලාතට ආදායමක් ගෙන එන යාපනය ගුවන් තොටුපොල වසා දමා, ඊට පිවිසුම් මාර්ග සැකසීමට බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීමට

එරෙහිව  මහජන විරෝධය එල්ල වී තිබේ.

 යාපනය පලාලි ගුවන් තොටුපොළට පිවිසෙන කට්ටුවාන් -මයිලඩි මාර්ගය පුළුල් කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය සහ යුද හමුදාව එක්ව දැන් සිදුකෙරේ.

''1990 දී ඉඳලා හමුදාව අත්පත් කරගෙන හිටිය අපේ ඉඩම් දීර්ඝ කාලීන අරගලයකින් පස්සේ යහපාලන ආණ්ඩු කාලේ ඉඩම් වලින් බාගයක් නිදහස් කළා. ඇස්  ඉස්සරහ  පෙනී පෙනී තියෙන ඒ  ඉඩම් ටිකත් නිදහස් කරගන්න අපි සටන් කරමින් ඉන්නේ. එත් මේ ආණ්ඩුව අපේ ඉඩම් හරහා හමුදාව දාගෙන පාරවල් හදනවා,'' යි පලාලි අධි ආරක්‍ෂිත කලාපය ලෙස හඳුන්වමින් රජයේ හමුදා බලහත්කාරයෙන් වාඩිලා සිටින ඉඩම් වල හිමිකරුවෙකු වන එන්.ලෝගදයාලන් පවසයි.

 

සිය ඉඩම් මතින් බලහත්කාරයෙන් මාර්ග ඉදි කිරීම ගැන විරෝධය දැක්වුයේ, ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, යාපනය දිසා සංවර්ධන කමිටුවේ සභාපති අන්ගජන් රාමනාදන්  මාර්ග සංවර්ධනය නිරීක්ෂණයට ඊයේ [26] පැමිණි අවස්ථාවේදීය.

 

මීටර 480ක් දිගැති මාර්ගය දෙපස ඉඩම් කටුකම්බි වැටවල් ගසා කොටුකරගෙන යුද හමුදාව වාඩිලාගෙන ඉන්නා ආකාරය එහි ගිය මාධ්‍යවේදීන් විසින් රූගත කොට තිබේ.

 තම ඉඩම් නිදහස් කිරීමට ක්‍රියා නොකොට මාර්ග තැනීම ගැන තවත් ඉඩම් හිමිකරුවන් ද මෙහිදී මන්ත්‍රීවරයාට විරෝධය දක්වා තිබේ.

 ඔවුන් කියා සිටියේ කට්ටුවාන් -මයිලට්ටි මාර්ගය ඉදි කිරීමට තමන්ගේ ඉඩම් ලබා ගැනීම නීති විරෝධී බැවින් එය නවතා දමන ලෙසයි.

 ''අපේ ඉඩම් මැදින් පාර කන එක නැවැත්තුවේ නැත්නම්, විවෘත කරන උත්සවය දවසට පාර හරස් කරලා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ලොකු උද්ඝෝෂණයක් කරනවා. නීතිය හා දේශපාලනය පැත්තෙනුත් අපේ විරෝධය පෙන්වනවා,''යි ලෝගදයාලන් අවධාරණය කරයි.

ඉඩම් නිදහස් කර දීමට පෙර මාර්ගය පළමු කොට සකස් කොට දිය යුතු බව මන්ත්‍රීවරයා විරෝධය පෑ ජනතාවට කියා සිටියේය.

 

රාජපක්‍ෂ ආණ්ඩුව නීතියටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් ගරු කර නොමැති හෙයින් තම ඉඩම් මතින් ගොඩ නැගෙන මේ කාපට් මාර්ගය ටයර් දමා පිළිස්සීමට ද පසුබට නොවන බව පලාලි ඉඩම් අහිමිවුවෝ රාමනාදන් මන්ත්‍රීවරයා ඉදිරියේ පැවසූහ.

Angajan Palaly 1Angajan Palaly 3

Leader Whats app


 
 
රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

 
 මුං ගොවියෝ මුං එළවන්න පෙරමුණ ගනී ! | මොණරවිලගේ ලියමන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්