විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිසි කලට ආනයනය කරගැනිමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින ආණ්ඩුව

ජනතාවට පා පැදිවලින් ගමන් කරවීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

මැති ඇමතිවරුන් සහ රජයේ ඉහළ නිලධාරීන්ද ඊට හවුල් වන බවක් දැනගන්නට නැත.  

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.

 

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය යෝජනාව නොවැම්බර් 12 වැනිදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ සදහන් කළේ රාජ්‍ය සේවකයන්ට යලිත් යතුරුපැදි ලබාදීම සදහා මුදල් වෙන් කරන බවයි.

 

මහින්ද අමරවීර පරිසර අමාත්‍යවරයා ජනවාරි 26 වැනි බදාදා සදහන් කළේ මේ වනවිටත් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවයි.

 ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයන් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීමට ද තීරණය කර ඇත.

දුරබැහැර සිට රැකියා සඳහා පැමිණෙන ජනතාව පාපැදි යොදා ගන්නේ කෙසේදැයි අමාත්‍යවරයා පැහැදිලි කළේ නැත.

 

පරිසර අමාත්‍යවරයා පවසන්නේ වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් වැය කිරීමට සිදුවන බවය. සිදුකරන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇතැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර  සඳහන් කළේය.

 

වායු දූෂණය අවම කරගැනීමට හැකිවීම, කාලය අපතේ යාම වළක්වාගැනීම මෙන්ම පාපැදිය භාවිතා කිරීම නිසා බෝ නොවන රෝග රැසක් පාලනය කරගැනීමට ඇති හැකියාව නිසා පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 ඒ අනුව පාපැදිය භාවිත කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කරගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 මෙම වැඩපිළිවෙල රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට හඳුන්වාදීම සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබාගැනීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය සදහන් කරයි.


ආනයන වියදමෙන් සියයට විස්සක් !

 

නම වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කලේ වාර්ෂික ආනයන වියදමෙන් 20%ක් පමණ වෙන් වන්නේ තෙල් ආනයනය සදහා බවයි.

 

''සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට ‌තෙල් සදහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා.

මෙලෙස ආනයනය කරන තෙල් වලින් 70%ක් පමණ වැය වන්නේ වාහන සදහා ඉන්ධන වශයෙන්.''

 විදුලි උත්පාදනය සදහා 21%ක් පමණ වැය වන අතර කර්මාන්ත සදහා යොදා ගැනෙන්නේ 4%ක් පමණක් බවත් ජනාධිපතිවරයා ඒහිදී පවසා තිබුනි.

 ඉදිරියේදී වාහන ආනයනය සදහා අවසර ලබාදෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සදහා ප්‍රමුඛතාවය ලබාදෙන්නට බලාපොරොත්තු වන බව පැවසු ජනාධිපතිවරයා ඒහිදී තව දුරටත් අවධාරණය කර තිබුනේ, වාහන සදහා විදුලිය සැපයීමේදී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට  සැලසුම් කළ යුතු බවයි.

 

Leader Whats app


 
 
රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

 
 මුං ගොවියෝ මුං එළවන්න පෙරමුණ ගනී ! | මොණරවිලගේ ලියමන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්