තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකා තැපැල් සංකේත නාමාවලියේ පලමු මුද්‍රණයෙන් විසි හය වසරකට පසුව එහි දෙවැනි මුද්‍රණය එළි දක්වා තිබේ.


 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ සහ තැපැල්පති රංජිත් ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් එම එළිදැක්වීම ජනවාරි 26 වැනිදා සිදු කර ඇත.

 මෙම නාමාවලියේ පළමු මුද්‍රණය1996 දී සිදු කර තිබේ.

මෙම වර්ෂයේ දී එහි දෙවැනි මුද්‍රණය සිදුකළ අතර එම මුද්‍රණයේ පළමු පිටපත ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පිරිනැමු බව රජය සදහන් කරයි.

 21වැනි සියවසේ කාර්යක්ෂම තැපැල් සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් තැපැල් කටයුතු විධිමත් කිරීමට එහි කටයුතු ඩිජිටල්කරණය කළ යුතු බවත් ඉදිරි මාස කිහිපය තුළ එම කටයුත්ත ක්‍රියාත්මක කරන බවත් උත්සවයට සහභාගී වෙමින් තැපැල්පති රංජිත් ආරියරත්න පවසා තිබේ.


මෙම නාමාවලියෙහි සෑම තැපැල් කාර්යාලයකටම සහ උප තැපැල් කාර්යාලයකටම තැපැල් සංකේත අංකයක් හිමි වන අතර එමගින් ලිපි සහ භාණ්ඩ බෙදා හැරීමේදී සිදුවන අපහසුතාවයන් මග හැරෙන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.



රජය පවසන පරිදි දිවයින පුරා පිහිටා ඇති තැපැල් කාර්යාල සංඛ්‍යාව 654ක් වන අතර උප තැපැල් කාර්යාල සංඛ්‍යාව 3410කි.

 මෙම සෑම තැපැල් කාර්යාලයකම ලිපි හුවමාරුවීම් සිදු නොකෙරෙන අතර ඇතැම් තැපැල් කාර්යාලවල භාණ්ඩ හුවමාරුව පමණක් සිදු කෙරේ.

 මෙම නාමාවලිය ඔස්සේ ලිපිනයන් සොයා ගැනීමේ අපහසුතාවයන් ද මඟහැරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න  වැඩිදුරටත් සදහන් කරයි.

272767569 484084716611402 4043758024662499274 n

272744689 484084479944759 8288493977018635939 n 

Leader Whats app


භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!
 

 
රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

 
 මුං ගොවියෝ මුං එළවන්න පෙරමුණ ගනී ! | මොණරවිලගේ ලියමන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්