ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණ දීල ඉන්න ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න එක විසඳුමක් විදියට

බයිසිකලයෙන් කාර්යාලයට එන්න කියල ආණ්ඩුවෙන් යෝජනාවක් ඉදිරිපත් වෙලා.

ඇත්තටම පහුගියදා මට මුණගැහුන ටැක්සි රියදුරෙකුත් ඒ වගේ කතාවක් කිවුව.

රටේ මෙතරම් ඉන්ධන හිඟයක් තියෙද්දිත් රට පුරාම පාරවල වාහනවලින් පිරිලා, හැම තැනම ට්‍රැෆික්.

ඒ නිසා එක කාර් එකක එක්කෙකෙන් විතරක් යන එක නවත්තන්න නීතියක් දාන්න ඕනේ කියල ඒ ටැක්සි රියදුරා කියනවා.

ඇත්තටම අර්බුදය ඒ තරම්ම දරුණුයි.

ඉන්ධන හිඟය, අහස උසට ඉහළ යන ආහාර මිල, ගෑස් පෝලිම් වගේ දේ නිසා ජනතාව කබලෙන් ලිපට වැටිලා.

මේ තත්වයට විරුද්ධව දැන් විරුද්ධ පක්ෂත් පාරට බහිමින් ඉන්නවා.

පහුගියදා පානදුර නගරයේදී මා දකින්න ලැබුන දේශපාලන දේශපාලන රැලියකදී "ඩඩ්ලි මාෆියාව, ගෑස් මාෆියාව, සමාගම් මාෆියාවට" විරුද්ධව දරුණු වාග් ප්‍රහාරයක් එල්ල වුනා. ඒ රැලිය සංවිධානය කරලා තිබුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය.

ජාතික සමගි බලවේගය, එක්සත් ජාතික පක්ෂය වගේම ජාතික ජන බලවේගය විවිධ උද්ඝෝෂණවල නිරත වෙලා ඉන්නවා.

ඒ වගේම ජාතික ජන බලවේගයත්, 43 වෙනි සේනාංකයත් පහුගිය දිනවල දැවැන්ත සම්මන්ත්‍රණත් සංවිධානය කරලා තිබුන.

ඇත්තටම බොහෝ දෙනා ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කරනවා. එහෙම විවේචනය කරපු වැඩි දෙනෙක් මට කිවුවේ එයාල පහුගිය වතාවේ ඡන්දේ දුන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාට කියල.

එත් ආණ්ඩුවට විරුද්ධව හඬක් නගමින් හිටියත් විරුද්ධ පක්ෂ ඒකාබද්ධ වේදිකාවකට එන හැඩක් නම් පේන්න නැහැ.

මේ අතරේ මම ආණ්ඩුවේ නායකයින් කිහිප දෙනෙකුටම කතා කරන්න උත්සහ කළා.

නමුත් ඒ කිසිම කෙනෙක් මේ වෙනතුරු සාකච්ඡාවකට එකඟ වුනේ නැහැ. 

 
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනවාරි 25 දා කොළඹ හැවිලොක් පෙදෙසෙන් ආරම්භ  ‘ජනපෙළගැස්ම’ මෙහෙයුම අද (27) ගාල්ලෙන් නගයෙන් අවසන්විය.

ඇත්ත බලාපොරොත්තුවක් – මහජන ව්‍යාපාරයක් ‘ අරමුණු කරගත් මෙම “ජන පෙළගැස්ම” වැඩසටහන යටතේ රත්ගම නගරයේ අද ජනහමුවක් ද සංවිධානය කර තිබිණ.

272153428 504351787717772 5872659391472326196 n

FSP 1

FSP 4

FSP 2




සබැඳි පුවත් :

ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන ජන බලයක් ගොඩ නඟමු! - දුමින්ද නාගමුව

 

 Leader Whats app


 
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 

 
 
 සර් ඩයනා අර කෑල්ල නියමෙටම ඉස්සුවා.
 

 
 
 නාමල් අභිබවා ගිය පොඩි බණ්ඩා නිසා අප්පච්චි අවුලක ?
 

 
 
භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්