රටකට ජාතිය එකමුතු කළ හැකි ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත්, සෑම ජන කොටසකටම ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය විය

යුතු බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය අවධාරණය කර සිටියි.

එබැවින් ජනාධිපතිවරයා රටට පොරොන්දු වූ ආකාරයට ජනතාව හා පාර්ලිමේන්තුව මගින් සකස් වන ව්‍යවස්ථාවක් එළිදැක්වීම තවත් කල් නොදමන ලෙස ඉල්ලා සිටින හිටපු කතානායකවරයා, ජනාධිපතිවරයා ඒ සඳහා පොරොන්දු වූ කාලය ඉක්මවා ගොස් තිබෙන බවද සිහිපත් කරයි.

ඔහු එම කරුණු සඳහන් කර සිටියේ, 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය'ත්, 'ජාතික ආගමික සංහිඳියාව සඳහා වූ ජාතික එකමුතුව'ත්, එක්ව සංවිධානය කරන ලද “යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවේ දී අදහස් දක්වමිනි.

''ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටක් වශයෙන් ලෝකයා ගේ ගෞරවය අප උපයාගත යුතුයි. ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගත යුතුයි. 20 වැනි සංශෝධනය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් හා විනාශයක් සිදු වුණා. එය වහා නිවැරදි කළ යුතුයි.'' යයි ද හිටපු කතානායකවරයා සඳහන් කළේය.

වයඹ පළාත නියෝජනය කරමින් මහා සංඝරත්නය ඇතුළු කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආගමික නායකත්වයත්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ප්‍රභූන් ඇතුළු සම්භාවනීය නියෝජිත පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියේය.

මෙම සමුළුව පැවැත්වෙන්නේ රජයට විරුද්ධව හෝ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට හෝ ජනතාව උසි ගැන්වීමේ පරමාර්ථයෙන් නොවන බව සිය කතාව ආරම්භයේදීම හිටපු කතානායකවරයා පැවසිය.


එහිදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

 

''අපගේ එකම උදාර පරමාර්ථය මේ රටේ ජාතික ආගමික හා දේශපාලන සමගිය ඇතිකර අද අප පත්ව ඇති මහා විපතින් රටත් ජනතාවත් බේරා ගැනීමයි.

 

රට තුළ සමගියක් නොමැතිව, ජාතික ප්‍රතිපත්තිමය එකඟත්වයක් නොමැතිව අපට කිසිම ආකාරයකින් ගොඩ ඒමට හැකි වන්නේ නැහැ. ආර්ථිකයේ මහා බිඳවැටීමට අමතරව ඔමික්‍රෝන් වෛරසය ද තදින් ප්‍රචලිත වීම අපට මුහුණ දීමට සිදුවන තවත් අති භයංකර තත්වයක්.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අපි විශාල වශයෙන් කම්පා වී සිටින්නේ මෙතරම් විනාශකාරී තත්ත්වයක් රට තුළ ඇතිවී ඇතත්, එහි ආදීනව රට කරවන අයත්, පොදුවේ ජනතාවත් තවමත් තේරුම් නොගෙන සිටීමයි.

වයඹ පළාතේ සැලකිය යුතු මුස්ලිම් ප්‍රජාවක් ද ද්‍රවිඩ ජනතාවක්ද ජීවත් වනවා. මේ සෑම කොට්ඨාශයක් ම ඉතා සමගියෙන් ජීවත් වුණත්, දේශපාලන බලපෑම් මත මේ ජන කොටස් අතර වෛරය ක්‍රෝධය අසමගිය පැතිරවීමේ උත්සාහයක් ද අප දුටුවා. පටු පරමාර්ථයෙන් සිදුවන ක්‍රියා නිසා රටට විශාල හානියක් සිදුවෙනවා.

සිංහල කතෝලික ක්‍රිස්තියානි, බෞද්ධ ජනතාව අතරත් පාස්කු සිද්ධිය නිසා දැඩි සිත් රිදවීමක් ඇති වී තිබෙනවා. මෙය වහා විසඳිය යුතු ගැටලුවක්. අධිකරණය පවා අපක්ෂපාතීව ක්‍රියා කර පරීක්ෂණ ඉක්මනින් ඉවර කරන ලෙස පොලීසියට උපදෙස් දී තිබෙනවා. මෙවැනි ප්‍රශ්ණ අන්තර්ජාතිකව ප්‍රචාරය වුණොත් එය අප රටටත් ජනතාවගේත් කීර්ති නාමයට ඉතාම හානිකරයි.

අද අපි වයඹ තෝරාගත්තේ ඒ ආදර්ශමත් සමගිය වයඹින් පෙන්වීමේ අදහස මුල් මුල්කරගෙනයි. වයඹ ඉන්නේ සාමකාමී බුද්ධිමත් ජනතාවක්.
රටේ ප්‍රශ්ණ විසඳීමටත් ජාතික හා ආගමික සමගිය මෙන්ම ජාතික එකගතාවය ඉතාමත්ම අවශ්‍යයි. මෙහිදී පක්ෂ පාට භේද තිබෙන්නට බැහැ. අප සියලු සියලු දෙනා එක්වී මෙය පාලනය කළ යුතුයි.

 

විදේශ මුදල් හිඟය, ඩීසල් හිඟය, ආහාර ද්‍රව්‍ය හිඟය, ගෑස් හිඟය, කිරිපිටි හිඟය වහා විසඳිය යුතු දැවෙන ප්‍රශ්න අවාසනාවකට විදුලි කප්පාදුවක් ඇතිවුණොත්, එය එදිනෙදා ජන ජීවිතයට තදින්ම බලපානවා. එමෙන්ම සෞඛ්‍ය සේවයට, ජල සැපයුමට, නිෂ්පාදනයට, ජාතික ආරක්ෂාවට මෙයින් දැඩි ගැටලු ඇතිවේවි.

 

මෙම භයානක තත්ත්වය විසඳීම සඳහා රජයේ පාර්ශ්වයෙන් ස්ථීර යෝජනා අප දැක නැහැ. ආණ්ඩු පාර්ෂවය හා විපක්ෂ පාර්ෂවය අතර සාකච්ඡා ඇතිවී නැහැ. ඇමතිවරුන් අතර වාද විවාද ඇති වෙනවා වෙනුවට රජය සහ මුදල් අමාත්‍යවරයා මෙහිදී මූලිකත්වය ගත යුතුයි. ගැටලුව ඇති වුණාට පසු විසඳීම ලේසි වන්නේ නැහැ යතාර්ථය එයයි.

අද අප ආරාධනයෙන් මෙහි පැමිණ සිටින ඔබ සියළු දෙනාගෙන් අප ආයාචනය කර සිටින්නේ කිසිම ආකාරයකින් ජාති, ආගම් හෝ වෙනත් ගැටුම් ඇති වීමට ඉඩ දෙන්න එපා. 


අපි සමගි වෙමු !
එකමුතු වෙමු ! 

නූපන් පරපුරට නවීන සෞභාග්‍යමත් රටක් ලබා දෙමු !''
 
K 1k 2k 3

Leader Whats app





வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?



භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!!



රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්