නව කෝවිඩ් ප්‍රභේද රටට ඇතුළුවීම වැලැක්වීමට ඉතා පහසුවෙන් ගත හැකිව තිබු ක්‍රියා මාර්ග, සෞඛ්‍ය අමාත්‍යාංශය හිතා මතාම වැලැක්වූ බවට මෙරට

ප්‍රකට සෞඛ්‍ය වෘත්තීය සමිතියක් චෝදනා කර සිටියි.

එවැනි බරපතල චෝදනාවක් නගන්නේ 'වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය' යි.

''මේ වෙනකොට පැතිරෙන වසංගත රැල්ල ඔමික්‍රෝන් නිසා ඇතිවන එකක්. එන්නත නිසා මරණ අඩුවුණාම, කොවිඩ් අතහැරලා දැමීමේ ආදිනව දැන් අපි අත්විදිමින් ඉන්නවා.'' යයි එම සෞඛ්‍ය සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කර සිටියි.


# ධාරිතාවේ සීමාව ඉක්මවමින් ඉන්නේ.

 

# PCR කරන්න පහසුකම් නෑ.

 

# රැපිඩ් ඇන්ටිජන් කට්ටල නෑ.

 

# සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටළු සාක්ච්චා කරන්න තැනක් නැහැ.

 

# ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ.


රවී කුමුදේශ් තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ පළවෙනි ඔමික්‍රෝන් ආසාධිතයා හදුනා ගත්තා. එන්නත් නොකල යුවලක් ඔමික්‍රෝන් අරගෙන රටට ආවේ, ගුවන් තොටුපලේ ලිහිල් නීතිය නිසා. දෙවන සතියේ කැසිනෝ ගහන්න ආපු ඉන්දියානු ජාතිකයා, ඔමික්‍රෝන් එක්ක රට පුරා ඇවිදලා, නැවත යන දවස වෙනකං කිසිදු පරීක්ෂාවක් කලේ නෑ. දෙසැම්බර් අවසන් සති කිහිපය තුල හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගෙගෙන් අති මහත් බහුතරය ඔමික්‍රෝන්. ඒ බොහෝ අය රටට ඇතුළුවෙලා ඔමික්‍රෝන් එක්ක රට තුල ඇවිදලා පිට වෙලා යන අය.

කොවිඩ් කාර්‍යසාධන බලකායක් පිහිටුවා සෞඛ්‍ය යාන්ත්‍රණය හැසිරවීම හේතුවෙන්, වෘත්තීවේදීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමුහික තීර්ණ ගැනීමේ යාන්ත්‍රණය අහෝසි වූ අතර, කොවිඩ් කාර්‍යසාධන බලකාය අහෝසි කිරීමත් සමග බිම් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් පිළිබදව සාකච්චා කීරිමට පාවා තැනක් නොමැති තත්වයකට පත්වීම හේතුවෙන් මෙවන් තත්වයන් වලක්වා ගැනීමට නොහැකි වී ඇත.

එකදු මැලේරියා, බරවා රෝගියෙකු පවා නොමැතිව එම රෝග පාලනය සදහා පාර්ශවකාර වෘත්තීයවේදීන් නිතිපතා සාකච්චා කරමින් සිටියදී, කොවිඩ් පාලනය සදහා පාර්ශවකරුවන් අතර කිසිදු සාකච්චාවක් නොවීම මගින් තහවුරු වී ඇත්තේ කොවිඩ් කාර්‍ය සාධන බලකායත් සමග කොවිඩ් වසංගතයත් විසිරුවා හැර ඇති බවට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරන බවකි.


අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ප්‍රතිකාර පවා අවධානමක !

 

රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇත.

 

රෝහල් සදහා ඇනවුම් කල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඖෂධ සැපයීම් අංශය මගින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය මතු වී ඇති අතර, පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ සදහා පිළියමක් යෙදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇත.

කෙසේ නමුත් මේ හේතුවෙන් ජාතික රෝහල කොළඹ, ජාතික රෝහල මහනුවර, ශික්ෂණ රෝහල රත්නපුර, අම්පාර, කරාපිටිය, පේරාදෙනිය, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුලු රෝහල් ගණනාවක ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුව ඇත.


''බල්ලාගේ වැඩේ බූරුවාට පවරලා''


ඕනෑම රෝහලකට පැමිණෙන විවිධ සංකූලතා ඇති රෝගීන් සදහා නිශ්චිත ප්‍රතිකාරය හෝ ශල්‍යකර්මය සිදු කිරීමට පෙර, එකී රෝගියාට කොවිඩ් වැලදී නොමැති බව සැක හැර දැන ගැනීම අනිවාර්‍ය වී ඇති බැවින්, ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල හිගය කොවිඩ් සදහා පමණක් බලපාන ගැටලුවක් නොව, සමස්ත රෝගීන්ට හා ප්‍රතිකාර සදහා බලපානු ලබන අඩු පාඩුවකි.

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ අඩුව, PCR මගින් ආවරණය කල හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වරයාගේ ප්‍රකාශ පිළිබදව අප පුදුමයට පත්වන අතර, PCR මගින් සිදු කරනු ලබන කාර්‍යයන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් හෝ, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් සිදු කරනු ලබන කාර්‍ය, PCR මගින් හෝ විස්ථාපනය කල නොහැකි බව වෛද්‍ය රසායනාගාර සේවාවේ හය හතර දන්නා ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිව තිබියදී, බල්ලාගේ වැඩේ බූරුවාට පවරා සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් ගැටලුව ව්‍යාකූල බවට පත් කර ගනිමින් සිටී.''


Leader Whats app





வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?



භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!!



රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image