''මේ පාපය තවත් ඉවසන්න එපා මෙයට එරෙහිව නැගිටින්න'' යයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක (PCR) ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඔහු එම ඉල්ලීම සිදුකළේ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව වෙත අද (28) දින පැමිණ සාක්ෂි ලබාදීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
පසුගිය 2015 කාලයේදී සිදු වූ දූෂණ වංචා සෙවීම සඳහා යහපාලන ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටුව මගින් දේශපාලන පළිගැනීමක් සිදුවූ බවටත් රණවක හිටපු ඇමතිවරයා එහි සාමජිකයෙක් බවට චෝදනා ගොනු කිරීම නිසා ඔහුව මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව වෙත කැඳවා තිබිණ.
මිට එරෙහිව පාඨලී චම්පික රණවක අභියාචනාධිකරණය හමුවේ නඩුවක්ද ගොනුකර ඇත.
එසේ නඩුවක් ගොනුකර ඇති මොහොතක තවත් අලුත් කොමිසමක් පත් කර ඒ සඳහා සාක්ෂි දීමට පැමිණෙන ලෙස දන්වා තමන්ට දඬුවම් කර, ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සැලසුමක් ඇති බවට චම්පික රණවක චෝදනා කරයි.
ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවට චම්පික රණවක මන්ත්‍රීවරයා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක ද එක්ව සිටියේය.
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!!
රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip