ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15 යි දශම 1ක ආදායමක් 2021 වසරේ දී උපයා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල

ගුණවර්ධන පවසයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේ කොළඹ දී පැවති '2021 වර්ෂයේ මෙරට අපනයන වර්ධනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම.' සඳහා එක් වෙමිනි.

''අභියෝග රැසක් මධ්‍යයේ වුවද මෙරට අපනයන ආදායම 23%කින් වර්ධනය කරගැනීමට හැකිවුණා.'' ඔහු කියා සිටියේය.

 

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 1930න් පසුව සමස්ත ලෝකයේම ආර්ථිකය කඩා වැටී ඇති මෙවන් කාල සීමාවක වුවද, මෙරට අපනයන ක්ෂේත්‍රය මෙවැනි වර්ධන වේගයක් අත්පත් කරගැනීම මෙරට ආර්ථිකයට ශක්තියක් සපයනු ලබන බවයි.

 

එමෙන්ම මෙරට අපනයන ඉතිහාසයේ පළමු වතාවට 2021 වර්ෂයේ සමස්ත භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ඉක්මවා යමින් 12.5ක ආදායමක් ලැබීමට සමත් වූ බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

2021 වර්ෂයේ මාස 8ක් තුළ මාසික අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසු කරන ලද ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා, රට වසා තැබීම තුළ වුවද අපනයන ක්ෂේත්‍රයට අයත් සියළුම පාර්ශ්වයන් කඩිනම් එන්නත්කරණයට ලක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ප්‍රමුඛ රජය පියවර ගැනීමත්, සියළු ආයතනයන් තුළ නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් සිය නිෂ්පාදන කටයුතු සිදු කිරීමට කටයුතු සැලසීමත් තුළින්, අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා විශිෂ්ඨ ක්‍රමවේදයක් හරහා මෙම අපනයන ආදායම් උපයා ගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය.

ඒ අනුව, සමස්තයක් වශයෙන් සිය කර්මාන්තශාලා තුළ සේවය කරන සියළුම දෙනා සුරක්ෂිත කරගනිමින් මෙවැනි ආදායමක් උපයා ගැනීම කරා ගමන් ගන්නා ලද සෑම අපනයනකරුවෙක් වෙතම ඇමතිවරයා ස්තුතියත් ප්‍රශංසාවත් පළ කළේය.

 

2020 වර්ෂයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 2780ක වැඩි වීමක් සහිතව 2021 වර්ෂයේ දී මුළු වෙළෙඳ භාණ්ඩ අපනයනය 24.17%ක් දක්වා වර්ධනය කරගැනීමට ද මෙරට අපනයන ක්ෂේත්‍රය සමත් වූ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

 

මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩි.මෙල්,  2020 හා 2021 වර්ෂ වල ආදායම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරමින් 2021 වසර තුළ මෙරට භාණ්ඩ හා සේවා අපනයනය තුළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගැනීමට සමත් වූ බවත්, එය 2020 වර්ෂයේ උපයන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23%ක අපනයන වර්ධනයක් බවත් සඳහන් කළේය.

 ඒ අනුව, 2021 වර්ෂයේ අපනයන සංවර්ධන මණ්ඩලයේ සංශෝධිත අපනයන පුරෝකථනය ඇමෙරිකානු ඩොලර් බිලියන 15.12ක් වන බව ද සභාපතිවරයා මෙහිදී පැවසිය.

 එමෙන්ම 2021 වර්ෂයේ දී අපනයන ඉලක්කයෙන් 96.2%ක් අත්පත් කරගැනීමට මෙරට අපනයන ක්ෂේත්‍රය සමත් වූ  බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩි.මෙල් , අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මාලනී බද්දේගම සහ නිලධාරීන් පිරිසක් ද , වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියහ.

BG

Leader Whats app


 
 

තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන


 
අගමැතිට ප්‍රතිකාර කළ සැග වූ දොස්තර ? | අද ගොසිප් එක
 


வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image