ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්

මොරටුව විශ්වවිද්‍යාලය සහ ඩී.පී. පදනම  (Dhammika & Priscilla Perera -DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදාහැරීම සඳහා සහයෝගිතාව ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ජනවාරි 04 දින සිදුවිය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ලෝලීන් සඳහා නොමිලේ ඉගෙනීමේ අවස්ථා සඳහා ප්‍රවේශයක් ලබා දීමයි.

ඩී.පී. පදනම එහි ඩී.පී. එඩියුකේෂන් (DP Education) අංශය හරහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත මෙම නව මුලපිරීම තුළ මාර්ගගත පාඨමාලා නිෂ්පාදනය සඳහා අවශ්‍ය අරමුදල්, මානව සම්පත් ඇතුළු සියලු‍ම පහසුකම් සපයනු ලැබේ.

මේ වනවිටත් යූ ටියුබ් වෙබ් අඩවිය තුළ දියත් කර ඇති “යුනිවර්සිටි ඔෆ් මොරටුව - බිට් ඔන්ලයින් යූ ටියුබ් නාලිකාව හරහා සියලු‍දෙනාට මැතමැටික්ස් ෆෝ අයි.සී.ටී. වෙබ් ප්‍රෝග්‍රෑමින් ඩේටාබේස් මැනෙජ්මන්ට් සිස්ටම්ස් සහ අයි.සී.ටී. ඇප්ලිකේෂන්ස් වැනි විෂය ධාරා නොමිලේ අධ්‍යයනය කිරීමට පහසුකම් සලසා ඇත.

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා යුවළගේ පරිත්‍යාගශීලී මුලපිරීමක් වන ඩී.පී. පදනම, දැනුම පදනම් කරගත් සමාජයක් බිහිකිරීමට මෙන්ම සෑම ශ්‍රී ලාංකිකයකුගේම කුසලතා වැඩිදියුණු කිරීම උදෙසා දායකත්වය ලබාදීමට සැලසුම්කර තිබේ.



343rwewවමේ සිට: Centre for Open & Distance Learning අධ්‍යක්ෂ D.E.W.V. නානායක්කාර, මොරටුව විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති P.K.S. මහානාම, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති N.D.ගුණවර්ධන, DP Education නිර්මාතෘ ධම්මික පෙරේරා, මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මලික් රණසිංහ

 

 

 

 

 
 

Leader Whats app


 
 

තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන


 
අගමැතිට ප්‍රතිකාර කළ සැග වූ දොස්තර ? | අද ගොසිප් එක
 


வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්