තමිල්නාඩුවේ හා උතුරේ දෙමළ ජනයා අතර සුහදතාවය රැක ගැනීම වෙනුවෙන් ඉන්දීය ධීවරයන්ගේ බෝට්ටු

වෙන්දේසියේ විකිණීම වහා නතර කළ යුතු බවට උතුරේ දේශපාලන පක්‍ෂයක් අවධාරණය කර තිබේ.

''තමිල්නාඩු ධීවරයෝ අපේ මුහුදේ මසුන් මරන්න ඇති. ඒක නීති විරෝධී වෙන්න පුළුවන්. ඒත් තමිල්නාඩුව කියන්නේ ලංකාවේ දෙමළ ජනයාට තියෙන එකම ආරක්‍ෂිත ප්‍රදේශය. ඒක ලංකාවේ දෙමළ ජනයාට ශක්තියක්. අදත් උතුරුකරයේ දෙමළ ජනයා තමිල්නාඩුවේ රැඳී ඉන්නවා. අල්ලා ගත්තු ඔවුන්ගේ බෝට්ටු වෙන්දේසියේ විකිණීම ප්‍රශ්නයට පිළියමක් නොවේ, අවුස්සන වැඩක්,'' යැයි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

යාපනය මාධ්‍ය සමාජයට බ්‍රහස්පතින්දා [27] මාධ්‍යවේදීන් කැඳවූ EPRLF නායකයා කියා සිටියේ ධීවරයන්ට ප්‍රශ්න තිබුනත් ලංකාවේ දෙමළ ජනයා යුක්තිය පතා ගෙන යන සටන තවමත් අවසන් වී නොමැති බවයි.

''දෙරටේ දෙමළ ජනයාගේ සුහදත්වය වෙනුවෙන් මේ බෝට්ටු වෙන්දේසිය වහා නතර කළ යුතුයි,''  ඔහු ලංකා ආණ්ඩුවෙන් ඉල්ලයි.



ධීවර දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් නියෝජ්‍ය ධීවර අධ්‍යක්ෂවරුන්ට නියම කර ඇති පරිදි එළඹෙන පෙබරවාරියෙදී  එම බෝට්ටු නැංගුරම් ලා ඇති ස්ථානවලදීම වෙන්දේසි කෙරෙනු ඇත.



ධිවර බෝට්ටු 65 ක් ෆෙබරවාරි 07 වැනිදා කරෙයිනගර් ධීවර වාරයේත්, ෆෙබරවාරි 08 වැනිදා කන්කසන්තුරෙයි හි දී බෝට්ටු 05 ක් ද, ෆෙබරවාරි 09 වැනිදා  කිරාන්චි හිදී ධීවර බෝට්ටු 24 ක් ද, ෆෙබරවාරි 10 වැනිදා  තලෙයි මන්නාරම් ධීවර වාරයේදී බෝට්ටු 09 ක්ද, ෆෙබරවාරි 11 වැනිදා කල්පිටිය ධිවර වාරයේදී තවත් බෝට්ටු 02 ක් ද වෙන්දේසියට නියමිතය.

ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය දෙරට අතර රාජතාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් මිස, නීති සංශෝධන මගින් විසදුම් සෙවිය නොහැකි බව අධිකරණ ඇමැති අලි සබ්රි පවසා තිබේ.




''මේ ප්‍රශ්නයට ලංකා නාවික හමුදාව, විදේශ හා ධීවර අමාත්‍යංශ එකතුව විසදුම් සොයා ගත යුතුයි. ඉදිරියේදී අවශ්‍ය වුනොත් නීති සංශෝධනය කරන්නත් පුළුවන්. සාකච්ජා කරලා නිරාකරණය තමයි හොඳ,'' යැයි අධිකරණ අමාත්‍යවරයා පවසයි.



ධීවර අමාත්‍යංශය විසින් අත් අඩංගුවට ගත්  ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසියේ විකිනීමට ගත් තීරණයට යාපනය දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිති සම්මේලනය සිය ප්‍රසාදය පළ කර තිබේ.

''මේ ට්‍රෝලර් බෝට්ටු තමිල්නාඩු දේශපාලන ගෝලබාලයන්ට හා මුදලාලිලාට අයිති ඒවා. වෙන්දේසියෙන් තමිල්නාඩු සාමාන්‍ය ධීවරයන්ට ප්‍රශ්නයක් නැහැ.ඒ ගොල්ලෝ මේ ට්‍රෝලර් බෝට්ටුවල සේවකයෝ විතරයි,'' යාපනය ධීවර සමිති නායක අන්නලිංගම් අන්නරාසා ඉකුත්  ජනවාරි 24 වැනිදා යාපනය මාධ්‍ය සමාජයේදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

''අපේ මුහුද කොල්ල කන ඉන්දීය ධීවරයන්ව නාවික හමුදාව මගින් දිගටම අත්අඩංගුවට ගන්න ඕනෑ,''යැයි ද ඔහු සඳහන් කළේය.

අධිකරණය විසින් මුදාහරින ලද ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසිය නීති විරෝධී බව පෙන්වා දෙමින් එය වැලක්වීමට වහාම මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති එම් කේ ස්ටාලින් ඉකුත්දා එරට අගමැතිවරයාට ලිපියක්ද යවා තිබුණි.


සබැඳි පුවත් :

නාවික හමුදාව ඇල්ලු ඉන්දීය ධීවරයන් රැසක් උසාවියෙන් නිදහස්

ඇමැති ඩග්ලස් වෙන්දේසියෙන් ඉන්දු-ලංකා සබඳතා අවදානමේ

 

 
 

Leader Whats app


 
 

කිරිබත් කන්න ලේස්ති වුනානං හොඳා ! | මොණරවිලගේ ලියමන
 

 
 
බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 

 
 
සර් දැන්මම බිම දාගත්තේ නැත්නම් චම්පිකත් ලොකු ඇණයක් වෙනවා.
 

 
   
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්