දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් කෙරෙහි විසදුමක් නොවන, ඉන්දියාවේ උවමනාව මත

යළි ක්‍රියාත්මක කිරීමට සැරසෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව උතුරේ විරෝධතා එල්ල වී තිබේ.

ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර ගෙනෙන ලද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂවල අදහස වී ඇත්තේ දෙමළ ජනතාව පෙලන හමුදාකරණය ඇතුළු මානව විරෝධී කටයුතු පසු බැස්වීමට ඉන්දියාව හවුල් කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.

ඒකීය රාජ්‍යය යටතේ ක්‍රියාත්මක කෙරෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරමින් පෙඩරල් විසඳුමක් සදහා බලපෑම් කිරීම අරමුණු කොට වව්නියාවෙන් ආරම්භ කරන ලද තුන්දින රථ යාත්‍රාවක් හෙට [30] යාපනය නල්ලුර්අඩි ප්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතය.

රථ පෙළපාලිය සංවිධානය කළ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) එහිදී මහජන විරෝධතාවක් සුදානම් කර තිබේ.

13 2

13 3

13 4

13 1

විරෝධතා කරුවන් පවසන්නේ ඉන්දියාව හා එක්ව දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සැරසෙන්නේ “ඒකීය රාජ්‍යයක දෙමළ ජනතාව සිර කොට තැබීම” බවයි.

වව්නියා නගර සභාව ඉදිරිපිට ඉදි කර ඇති පොංගු තමිල් ස්මාරකය අසලින් ජනවාරි 27 වැනිදා ඇරඹි රථ පෙළපාලිය දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් සටන් කොට දිවි දුන් විරුවන් සිහිකර පොංගු තමිල් ස්මාරකය අසල පහන් දල්වා වව්නියාව නගරය වටා ගමන් කරමින් `ඒ 9` මාර්ගය ඔස්සේ  නෙදුන්කර්නි හරහා මුලතිව් නගරය දක්වා පැමිණ ඊයේ  [28] යළිත් යාපනය නගරයට සේන්දුවිය.

මේ සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් ඇතුළු දේශපාලන ක්‍රියාධරයෝ එක්වුහ.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පුර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්‍ෂ හයක් විසින් ඉන්දීය අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටීම ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස මෙම රථ පෙරහැර පවත්වා තිබිණි.

 මේ අතර 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත යොමු කළ පොදු ලියවිල්ලට අත්සන් තැබු පක්‍ෂ හයේ නියෝජිතයන් එක්වූ මාධ්‍ය හමුවක් ඊයේ [28] යාපනේදී පැවැත්විණි.



දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහභාගීවී නොසිටි මෙම මාධ්‍ය හමුවේදී සෙසු පක්‍ෂ නායකයන් විසින් 13 වෙනි සංශෝධනයට විරෝධය දක්වන දෙමළ ජාතික ජනතා පෙරමුණ දැඩි ලෙස විවේචනයට ලක් කරන ලදී.



''දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට 13 වැනි සංශෝධනය ස්ථිර විසදුමක් ලෙස අපි පිළිගන්නේ නැහැ. ඒත්  ගෝලීය දේශපාලනය යටතේ දෙමළ ජනයාගේ අයිතීන්  රැකගෙන  මිලිටරිකරණය, සිංහල ජනපදකරණය නවතා දැමීමට නම් ඉන්දියාවේ මැදිහත්වීම තුලින් කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයැ,'' යි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ (EPRLF)  නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවේ උතුරේ නියෝජිතයා ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණ කටයුතු කරන බවට මාධ්‍යවේදීන් හමුවේ ඔහු චෝදනා කළේය.

දෙමළ ජනයාගේ ප්‍රශ්නයට හොඳම විසදුම පෙඩරල් පාලනයක් මිස 13 වැනි සංශෝධනය නොවේ යැයි එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දෙමළ ජාතික මහජන සන්ධානයේ [TNPA] නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් සඳහන් කළේය.

''අපි මේ ඉල්ලන්නේ අවුරුදු තිස් හතරක් පුරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න,'' යැයි ද විග්නේශ්වරන් පැවසීය.




තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ [PLOTE] නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ විග්නේශ්වරන් දෙදෙනාම මෙහිදී  චෝදනා කර සිටියේ  13 ට විරෝධය දැක්වුවද ගජේන්ද්‍ර කුමාර්ලා පළාත් සභාවට තරග කරන්නට සුදානමින් සිටින බවයි.  



''අපිට මහ ඇමති වෙන්න අවශ්‍ය නැහැ. අපි කියන්නේ ජනතාවට 13 වැනි සංශෝධන දේශපාලන විකටයන්ගේ නාටක න්‍යාය පත්‍රයට රැවටෙන්න එපා කියලා. දෙමළ ජනතාවගේ ජනවරම ලැබුණා යැයි කියන ඇතැමුන් අද 13ක් අතට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය වළ දමනවා. මේක දෙමළ ජනතාවගේ අරගලයක් අපිට මහ ඇමැති පුටු එපා.'' යි දෙමළ ජාතික ජනතා පෙරමුණේ තරුණ නායකයකු වන නීතීඥ සුගාස් කියා සිටියේ 13 ට එරෙහි රථ වාහන පෙළපාලිය යාපනයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

2013 වසරේ සිට “මහ ඇමැති පුටුව අතගාමින් සිට කිසිත් නොකළ” අයකු ලෙස ඔහු විසින් TNPA නායක  විග්නේෂ්වරන් සමච්චලයට ලක් කර තිබේ.

දැන් ප්‍රතිපත්ති සම්පාදකයන් වූ සුමන්තිරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම්,සිද්ධාර්ථන් ගේ කතා වලට උත්තර දෙන්න වෙලාවක් නෑ. ඔවුන්ගේ ප්‍රශ්නවලට අපි පසුව පිළිතුරු දෙන බවයි ඔහු කියා සිටියේ.


ඉන්දියාවට පක්‍ෂව වැඩ කරන අයගේ උපාය උපක්‍රම පරාජය කළ යුතු බැවින් 13 ට එරෙහි ව්‍යාපාරයට සහයෝගය ලබා දීමට එක්වන බව ජනවාරි 27 වැනිදා මාධ්‍යවේදීන් යාපනය මාධ්‍ය සමාජයට කැඳවූ වඩමාරච්චි පුරවැසි කමිටුවේ නියෝජිතයෝ පැවසුහ.

ඔවුන් කියා සිටියේ ජනතාව ප්‍රතික්ෂේප කළ මාවෙයි හා සුරේෂ් අත්සන් කළ ලියවිල්ලක් පිළිගත නොහැකි බවය.




සබැඳි පුවත් :

TNA, ‘ඉන්දියාවේ උවමනාවට’ පෙළ ගැසෙන බවට චෝදනා

ආණ්ඩුවට ඉන්දියාව ලවා බලපෑම් කිරීමට දෙමළ පක්ෂ 7ක් එක්වෙයි

සුළුජන පීඩක ඉන්දිය අගමැතිගෙන් ලංකාවට යුක්තිය ඉල්ලීමට විරෝධය

දෙමළ-මුස්ලිම් හවුල් ලියවිල්ලට තමිල් අරසු කච්චි නෑ

අගමැති මෝඩිට දෙන දෙමළ-මුස්ලිම් හවුල් ලියැවිල්ල ගැන අදත් සාකච්ඡා

ශ්‍රීලනිපයෙන් දෙමළ-මුස්ලිම් එක්සත් කමට උදැල්ලක් !

ග්ලෝබල් ටවර් දෙමළ-මුස්ලිම්නායක සාකච්ඡාවේ කතා කළේ මොනවාද?


 

 

Leader Whats app


 
 

කිරිබත් කන්න ලේස්ති වුනානං හොඳා ! | මොණරවිලගේ ලියමන
 

 
 
බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 

 
 
සර් දැන්මම බිම දාගත්තේ නැත්නම් චම්පිකත් ලොකු ඇණයක් වෙනවා.
 

 
   
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්