theleaderlk 01

සමාජ මාධ්‍ය තුල ජායාරූපයක් පළ කළ කිරීම නිසා ත්‍රස්ත පනත යටතේ රඳවා සිටි තරුණයකු වසරකට වැඩි කාලයකට පසු ඇප මත මුදා හැර තිබේ.



 වාකරේ, පුලියන්කන්ඩල්අඩි පදිංචි කරුවකු වූ තිස් හැවිරිදි කේ.විජේදාස විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සේයාරුවක් සිය 'ෆේස් බුක්' පිටුවේ පළ කිරීම නිසා වාලච්චේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 2020 නොවැම්බර් 27 වැනිදා සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් විජේදාස ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් වාලච්චේන මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පමුණුවා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 එක් දරු පියෙකු වන විජේදාස වසරකුත් මාස දෙකකට පසු ඇප කොන්දේසි මත නිදහස් කිරීමට වාලච්චේන මහේස්ත්‍රාත් එච්.එම්.එම්. බශිල් බ්‍රහස්පතින්දා [27] නියෝග කළේය.

 නීතිපතිගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂයක ඇප හා සෑම මසකම අවසන් ඉරිදා වාකරේ පොලිස් ස්ථානයට ගොස් අත්සන් තැබීම කොන්දේසි ලෙස පනවා තිබේ.

 කේ.ජෙයසිංහම්, එම්.එච්.එම්.රම්සි, සහ හාලික් රිබාන් ඇතුළු නීතිවේදීහු විජේදාස වෙනුවෙන් පෙනී සිටියහ.  

 

 

Leader Whats app


 
 

කිරිබත් කන්න ලේස්ති වුනානං හොඳා ! | මොණරවිලගේ ලියමන
 

 
 
බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 

 
 
සර් දැන්මම බිම දාගත්තේ නැත්නම් චම්පිකත් ලොකු ඇණයක් වෙනවා.
 

 
   
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

නවතම පුවත්