පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන උත්සාහයට කිසිඳු අකාරයකින් බාධා නොකළ යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.


ඔහු එබව පවසා ඇත්තේ, පුත්තලම තම්බපන්නි වෙරල අසල පිහිටි 'බෙතලි (Bethany) නිවස්නයේ අද (29) පැවැති 'බෙතනි කතිකාව' ට එක්වෙමිනි.

මෙම 'බෙතනි කතිකාව' සඳහා සමාජ නිර්මාණවේදීන් රැසක් එක්ව සිටි බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පත සමග මුදල් අමාත්‍ය බැසිල් රාපපක්ෂ සිදුකර ඇති සම්මුඛ සාකච්ඡාවේදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට ද රජය අදහස් කරන බව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.


ජාතික ප්‍රතිපත්ති රාමුවක් :

ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය හිටපු අගමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට ගිය අවස්ථා තුනකදී, එනම් 1989, 2001 හා 2015 දී තමා IMF සමග සාකච්ජා කොට රටට කිසිඳු ආකාරයෙන් අවාසිදායක නොවන කොන්දේසි යටතේ ආධාර උපකාර ලබාගත් ආකාරය පෙන්වාදී ඇති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා, යලි රට ගොඩනැගීම සඳහා දිර්ඝකාලින විසඳුමක අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.



සබැඳි පුවත් :

බැසිල්ගේ අවසන් පිම්ම IMF ද? -රටේ රාළ

මුදල් ඇමති IMF සහාය අපේක්ෂාවෙන් !


 

Leader Whats app


 
 

කිරිබත් කන්න ලේස්ති වුනානං හොඳා ! | මොණරවිලගේ ලියමන
 

 
 
බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 

 
 
සර් දැන්මම බිම දාගත්තේ නැත්නම් චම්පිකත් ලොකු ඇණයක් වෙනවා.
 

 
   
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්