ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස්නව ලක්ෂයක මුදලක් වංක ලෙස පරිහරණය කළ බවට ගෝඨාබය රාජපක්ෂ ඇතුළු

පිරිසට එරෙහිව පවරා ඇති නඩුව, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විභාගයට ගැනීමට තවත් ඉතිරිව ඇත්තේ එක් බාධාවක් පමණක් බව දැනගන්නට ලැබේ.

මෙම නඩුව විභාග කිරීමට ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට බලයක් නැතැයි, මීට පෙර පළමුවෙන් දැක්වූ විරෝධය එම අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර එහිදී විත්තිකරුවන් ඉල්ලීමක් කළේ ඒ පිළිබඳ අභියාචනාධිකරණයට යාමට අවසර දෙන ලෙසයි.

එයත් එම අධිකරණය ප්‍රතික්ෂේප කළ පසු විත්තිකරුවන් සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය ලබන ඔක්තෝම්බර් 1 වන දා විභාගයට ගැනීමට නියමිතය.

එහි තීන්දුව අනුව ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති මූලික නඩුව ඔක්තෝම්බර් 15 සිට විභාගයට ගැනීමට නියමිතව තිබේ.

නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නැති බවට පළමුව සහ චෝදනා පත්‍රයේ පෙළ ගැස්ම වැරදි බවටය. දෙවනුව සඳහන් කළ ඉදිරිපත් කළ විරෝධතා දෙක එම අධිකරණය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ද පෙත්සම් ඉදිරිපත් කළ අතර පසුගිය ජූනි 8 ඒවා ප්‍රතික්ෂේප කෙරිණි.

ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා දෙක ද පසුගිය බදාදා (11) ප්‍රතික්ෂේප කෙරිණි.

මේ අනුව ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ගැන නඩුව, ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වීම වළක්වා ගැනීම සඳහා ගෝඨාබය රාජපක්ෂ මහතා ඇතුලු පිරිසට ඉතිරිව ඇත්තේ තව එක් අවස්ථාවක් පමණි.

(රාවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්