රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා

ප්‍රමාදවන තත්වයක් මතුවී ඇති බව සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු පවසයි.

රෝහල් සදහා ඇනවුම් කළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඖෂධ සැපයීම් අංශය මගින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය මතු වී ඇති අතර, පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ සදහා පිළියමක් යෙදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ.

කොවිඩ් කාර්යසාධන  බලකායක් පිහිටුවා සෞඛ්‍ය යාන්ත්‍රණය හැසිරවීම හේතුවෙන්, වෘත්තීවේදීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමුහික තීර්ණ ගැනීමේ යාන්ත්‍රණය අහෝසි වූ අතර, කොවිඩ් කාර්යසාධන  බලකාය අහෝසි කිරීමත් සමග බිම් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් පිළිබදව සාකච්ඡා  කීරිමට පාවා තැනක් නොමැති තත්වයකට පත්වීම හේතුවෙන් මෙවන් තත්වයන් වලක්වා ගැනීමට නොහැකි වී ඇති බව ඒම සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙයි.

"එකදු මැලේරියා, බරවා රෝගියෙකු පවා නොමැතිව එම රෝග පාලනය  සදහා පාර්ශවකාර වෘත්තීයවේදීන් නිතිපතා සාකච්ඡා කරමින් සිටියදී, කොවිඩ් පාලනය  සදහා පාර්ශවකරුවන් අතර කිසිදු සාකච්ඡාවක් නොවීම මගින් තහවුරු වී ඇත්තේ කොවිඩ් කාර්ය  සාධන බලකායත් සමග කොවිඩ් වසංගතයත් විසිරුවා හැර ඇති බවට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරන බවකි."

 

කෙසේ නමුත් මේ හේතුවෙන් ජාතික රෝහල කොළඹ, ජාතික රෝහල මහනුවර, ශික්ෂණ රෝහල රත්නපුර, අම්පාර, කරාපිටිය, පේරාදෙනිය, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුලු රෝහල් ගණනාවක ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුව ඇති බව රවී කුමුදේශ් වැඩි දුරටත් සදහන් කරයි.

 

ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ ඕනෑම රෝහලකට පැමිණෙන විවිධ සංකූලතා ඇති රෝගීන් සදහා නිශ්චිත ප්‍රතිකාරය හෝ ශල්‍යකර්මය සිදු කිරීමට පෙර, එකී රෝගියාට කොවිඩ් වැලදී නොමැති බව සැක හැර දැන ගැනීම අනිවාර්ය වී ඇති බැවින්, ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල හිගය කොවිඩ් සදහා පමණක් බලපාන ගැටලුවක් නොව, සමස්ත රෝගීන්ට හා ප්‍රතිකාර සදහා බලපානු ලබන අඩු පාඩුවක් බවයි.

''ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ අඩුව, PCR මගින් ආවරණය කල හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වරයාගේ ප්‍රකාශ පිළිබදව අප පුදුමයට පත්වන අතර, PCR මගින් සිදු කරනු ලබන කාර්යන්  ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් හෝ, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් සිදු කරනු ලබන කාර්යන් , PCR මගින් හෝ විස්ථාපනය කල නොහැකි බව වෛද්‍ය රසායනාගාර සේවාවේ හය හතර දන්නා ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිව තිබියදී, බල්ලාගේ වැඩේ බූරුවාට පවරා සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් ගැටලුව ව්‍යාකූල බවට පත් කර ගනිමින් සිටී." රවී කුමුදේශ් වැඩි දුරටත් සදහන් කරයි.


 

Leader Whats app





බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 


තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්