1200 x 80 DMirror

තමාට එරෙහිව සමාජ මාධ්‍යයේ යූ ටියුබ් නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාවලට දේශීය හා අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ
පිළිතුරු සැපයීමට කටයුතු කරන බව රෝසි සේනානායක පවසයි.

 දෙසතියකට පෙර ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා,
Truth With Chamuditha යූටියුබ් නාලිකාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී රෝසි සේනානයකට බරපතල චෝදනා ගණනාවක් එල්ල කර තිබිණි.

තරඟයේ අවසන් විනිශ්චය ද යම් කිසි කෙනෙකුගේ මැදිහත්වීමකින් වෙනස් කර ඇතැයි ද පුෂ්පිකා එහිදී පුන පුනා කියයි.
 
 
ඇමෙරිකානු සමාගමක් වන මිසිස් වර්ල්ඩ් ආයතනය, ඇමෙරිකානු නීතිය යටතේ එරටේම සමාගමක් වන යූටියුබ් (Google) සමාගමට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බව රෝසි සේනානායක අප කළ විමසීමක දී කියා සිටියාය.
 
 
මිසිස් වර්ල්ඩ් සමාගම, මෙම සම්මුඛ සාකච්ඡාව අන්තර් ජාලය වෙත මුදාහැරිම සම්බන්ධයෙන් Truth With Chamuditha යූටියුබ් නාලිකාවට ‍එරෙහිව සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණයේ හමුවට යාමේ හැකියාව සොයා බලමින් සිටින බව ද වාර්තාවේ.

මීට අමතරව තමා ද, සිවිල් අපහාස නීතිය යටතේ එම යූටියුබ් නාලිකාවටත්, එහි හිමිකරුට සහ එම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ  තැනැත්තියටත් එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥයන් යොමුකර ඇතැයි ද රෝසි සේනානායක පවසයි.

පසුගිය දින කිහිපයේ විදේශගත සිටි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක පෙරේදා (28) යළි දිවයිනට පැමිණියාය.



සබැඳි පුවත:

'මට ලෝක රූ රැජින කිරුල අහිමි කළේ කුමන්ත්‍රණයකින්' - පුෂ්පිකා

 

Leader Whats app





බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 


තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය