මේ දිනවල සමහරු ඇමතිකම් රාජ්‍යය ඇමැතිකම් බෙදා ගන්නට ගිවිසුම් ගසමින් ආණ්ඩු හදන්නට සැරසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සමගි ජන බලවේගය මේ අවස්ථාවාදී ක්‍රමය සහමුලින් වෙනස් කරන බවද ඔහු කියා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම කාරණය අනාවරණය කර සිටියේ පොළොන්නරුවේ ඊයේ (29) පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය ඉදිරිපිට පැවති උත්සවයකදීය.

අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම, ප්‍රතිපත්තිය සහ වැඩ පිළිවෙල ඇතුලත් "සමගි ගොවිජන ප්‍රකාශනය" එළිදැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවිය.


පෙරදිග ධාන්‍යාගාරයට චීනයෙන් සහ ඉන්දියාවෙන් හාල් !


පොහොර තහනම් කොට ගොවිජනතාව මහා ව්‍යසනයකට ඇද දැමූ ආණ්ඩුව, ඒ ගොවි ජනතාව අසීරුවෙන් ගොවිතැන් කොට අස්වැන්න නෙළා ගන්නට සූදානම් වන විට චීනෙන් සහ ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කොට ඇතැයි විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ඊනියා පොහොර තහනමක් මගින් මේ රටේ සරු බිම් මුඩුබිම් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් අතට ගත් ආණ්ඩුව තමන්ගේ ගජමිතුරුන්ට සහ සුවච කීකරු ගෝලයින්ට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඉපයීමේ අවස්ථාව සලසා දී ඇතැයිද ඔහු සඳහන්  කළේය.

 

පෙරදිග ධාන්‍යාගාරය මේ රටේ බිහි වුණේ පොළොන්නරුව ඇතුළු රජරට ප්‍රදේශ මුල්කරගෙන බව පැවසූ විපක්ෂ නායකවරයා, එහෙව් ප්‍රදේශවල ගොවි ජනතාවට චීනෙන් ගෙන්වන හාල් කවන්නට තරම් දේශප්‍රේමී ආණ්ඩුව පහත් තැනකට වැටී ඇතැයි ද පැවසීය.

 

2010 වන විටත් සහල්වලින් ස්වයංපෝෂිතව තිබූ රට අද වන විට චීන සහල්වලින් පුරවන තැනට මේ ආණ්ඩුව විසින් පත්කොට ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා, "අභාග්‍යයේ  දැක්ම" ක්‍රියාත්මක වීමත් සමඟම අද රට පුරා දක්නට ලැබෙන්නේ සාගතයක පෙර ලකුණු යැයිද පැවසීය.


සොච්චම් වන්දි බෑ. පාඩුවට සරිලන වන්දියක් දෙනු !


මේ මොහොතේ අන්ත අසරණවී සිටින ගොවි ජනතාව වෙනුවෙන් වහාම වන්දි ලබා දිය යුතු බවත් ඒ පිලිබඳව යෝජනාව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට රැගෙන ආයුතු බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ගොවීන්ට වන්දි ගෙවීම වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා සියලුම සහාය කොන්දේසි විරහිතව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ දී ලබාදෙන බවද ඔහු පැවසිය.

එය සොච්චම් වන්දියක් නොවිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, අනිවාර්යෙන්ම ගොවි ජනතාවට සිදුවූ පාඩුවට සරිලන වන්දියක් ලබාදිය යුතු බවද අවධාරනය කළේය.

ග්‍රාමීය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ගොවිබිම බවට පත් කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, ගොවියා ශක්තිමත් කොට නගා නගාසිටුවීමේ පරම වගකීම සමගි ජන බලවේගය බාරගන්න බවද අවධාරණය කළේය.

දින වකවානු සහිතව කාල වකවානු සහිතව සමගි ගොවිජන ප්‍රකාශනය ඉටු කිරීමේ වගකීම තමන්ට පැවරී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ රටේ ගොවි ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කළ යුගය අවසන් කරන බවද කියා සිටියේය.



මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | The Leader TV | Gossip

Leader Whats app





බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 


තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්