ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් වරක් පොදුජන එක්සත් පෙරමුණ සමග එක්ව කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල

සිරිසේන පවසයි.

ඒ වෙනුවට ඉදිරි මැතිවරණයක් අරමුණු කරගනිමින් මේ දිනවල පක්ෂ ප්‍රතිසඇතුළු න්ධාන කටයුතුවල නිරතව සිටින බව පවසන හිටපු ජනාධිපතිවරයා, කෙසේ වුවත් "ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ අපි ළඟ නෑ," යනුවෙන් ද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඒ බව කියා සිටියේ, 'Sandeshaya by Saroj' (සරෝජ් සමග සංදේශය) යූටියුබ් නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

 

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය සහ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මෙන්ම ගෑස්  හිඟය, පොහොර හිඟය ඇතුළු කරුණු ගැන අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ "පොහොට්ටුවේ පාලනය" ගැන තමන් පමණක් නොව මුළු රටම කලකිරී සිටින බවය.

 

"දැන් මට ආරංචියක් තියනවා සමහර කඩවල්වල පැනඩෝල් පෙත්තක්වත් හොයාගන්න නෑ කියල," ඔහු පැවසීය.

වර්තමාන රජයට තමන් භාරදුන්නේ බඩු මිල පහළ මට්ටමක පැවති 'සන්සුන් රටක්' බව ඔහු අවධාරණය කළේය.

එහෙත් දැන් තමන් විසින්ම මෙසේ විවේචනය කරන ගෝඨාභය රාජපක්ෂ පාලනය බලයට පත්කිරීම පිණිස ඔහු ඇතුළු ශ්‍රීලනිපය ද දායක වූවා නොවේ දැයි 'සරෝජ් සමග සංදේශය' යූටියුබ් නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදී සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලනයේ දී එවැනි සන්ධාන පිහිටුවීම මෙන්ම බිඳ වැටීම ද සාමාන්‍ය සිදුවීමක් බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඒ අවස්ථාවේ රටේ නායකයා ලෙසින් "වෙන කිසිවෙකුට නැති වේදනාවක් මට තිබෙන" බව පවසන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, එය දේශපාලන අරමුණකින් එල්ල කළ ප්‍රහාරයක් විය හැකි බවට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කරන චෝදනාව ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

යහපාලන ආණ්ඩුව, බැඳුම්කර ආන්දෝලානය, ජාත්‍යන්තර සම්බන්ධතා, රසායනික සහ කාබනික පොහොර භාවිතය ගැන මෙන්ම 2018 ඔක්තෝබරයේ 'ව්‍යවස්ථා කුමන්ත්‍රණය' පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා අදහස් දැක්වීය.

Leader Whats app





බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 


තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්