ජාතික ජන බලවේගයේ අද (30) පැවති ගම්පහ දිස්ත්රීක් සමුළුවට බිත්තර ප්රහාරයක් එල්ල කිරීමට පැමිණි
පොහොට්ටුවේ මැරයින් පිරිසක් අල්ලා ගැනීමට එම සමුළුවට සහභාගී වීමට පැමිණ සිටි ජනතාව සමත් වී ඇත.
අල්ලාගන්නා ලද පිරිස පොලීසියට බාරදී ඇති අතර ඔවුන් විසින් මෙම බිත්තර ප්රහාරයේ සියලු තොරතුරු පාපොච්ඡාරනය කර තිබේ.
ඒ අනුව ජාතික ජන බලවේගයේ සමුළුව සදහා බිත්තර ප්රහාරයක් එල්ල කිරීම සදහා පිරිස එවා ඇත්තේ ඇමති ප්රසන්න රණතුංග බවත්, මෙම පුද්ගලයින් ආන්දෝලනාත්මක පෞද්ගලික ආරක්ෂක සමාගමකට අනුයුක්තව සේවය කරන විශ්රාමික හමුදා සෙබළුන් බවටත් හෙළිදරව් කරගෙන ඇතැයි 'ජාතික ජන බලවේගය' පවසයි.
එක් පුද්ගලයෙකුට දිනකට රුපියල් 5000ක් ලබාදුන් බවත් මීට පෙර කොළඹ කොටුවේ පැවති ජවිපෙ උද්ඝෝෂණයට බිත්තර ප්රහාරයක් එල්ල කරන ලද්දේ ද තමන් බව පිලිගෙන තිබේ.
මේ වනවිට ජාතික ජන බලවේගය වටා විශාල වශයෙන් ජනතාව ඒකරාශිවෙමින් සිටින බැවින් එයට එරෙහිව මෙලෙස බිත්තර ප්රහාර එල්ල කර එය පොදු ජනතාව පිට පැටවීම මොවුන්ගේ අරමුණ වී තිබු බව 'ජාතික ජන බලවේගය' ප්රකාශකයකු පැවසිය.
මේ වන විට සැකකරුවන් දෙදෙනකු නිට්ටඹුව පොලීසියට බාර භාරදී ඇත.
මුල් අවස්ථාවේ දී නිට්ටඹුව පොලිසියට එම සිද්ධිය දැනුම් දී ඇති නමුත්, පොලිසියෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පැමිණි නැති බවද වාර්තා වේ.
අනතුරුව ගම්පහ හිටපු පළාත් සභා මන්ත්රී මහින්ද ජයසිංහ දුරකතනයෙන් කළ පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලිස් කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී ප්රභාත් විතාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පැමිණි බව වාර්තා වේ.
(මුලාශ්රය - lankatruth.com)
තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?