නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ‘කොරෝනා’ වයිරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර
ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නැමැති සිසුවියෙකි.
මෙම සිසුවිය පසුගිය 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුරු වී මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය යැයි පවුලේ ඥාතියෙක් පැවසීය.
මෙම සිසුවියට ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී ඇති බව ඊට අදාල කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
කොරෝනා ආසාදිතයන් 1000 සීමාව පනි
මේ අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1056 දෙනකු ඊයේ (30) අලුතින් හඳුනාගත් බවයි.
විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙක් ද ඒ අතර වෙති.
ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 610,103 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
කොරෝනා මරණ 20ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු පෙරේදා (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (30) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,420 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 12 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ වයස අවුරුදු 30ට අඩු තිදෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 13 දෙනකු සහ කාන්තාවන් 7 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන
வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?