තමා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුඩා අවධියේ එකම නැටුම් පන්තියට ගියත් එකට නටන්න බැරිවූ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.



හිටපු අගමැතිවරයා අතීත සිදුවීම් ආවර්ජනය කරමින් එබව සඳහන් කර ඇත්තේ, KALUM WIJESOORIYA YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ජාවකදීය.

අද (31) එම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් කැලුම් විජේසුරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.

''මම කිසිම  දේශපාලන පක්ෂයකට අයිති කෙනෙක් නෙමෙයි..
කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන්  පෙනී සිටින කෙනෙකුත් නෙමෙයි..
ඒ වගේම  කිසිම දේශපාලනය  පක්ෂයකින් ලාභ ප්‍රයෝජන ලබාගත් කෙනෙකුත් නෙමෙයි ...
ඇත්තටම දේශපාලනය  මම කැමති මාතෘකාවක්  නෙමෙයි !?

ඒත් අපි හැමෝටම අපි කැමති අකමැති  දේශපාලන චරිත ඕනතරම් තියෙනවා..
සමහර ඒ චරිත ඇතුළත අපූරු  සුන්දර මනුස්සයින් ජීවත් වෙනවා..
මම කල්පනා  කළා ඒ චරිත තුළ ජීවත්වන  "මනුස්සයා" එක්ක කතාකරන්න .

දේශපාලන චරිත එක්ක  දේශපාලනය  ගැන කතා නොකරම සංවාදයක්  ගෙනයන්න එච්චර  ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි.
ඒත් ඒ අභියෝගයට  මුහුණ දෙමින් මේ වැඩසටහන්  මාලාවේ දෙවන  පියවර  විදියට අද මම ඔබ හමුවට ගෙන එන්නේ බොහෝ  දෙනෙක් කතාකරන,
සිවුවරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ
රනිල්  වික්‍රමසිංහ මැතිතුමන් ...

එතුමාගේ දේශපාලන මතවාදයන් කෙසේ වෙතත්
ඔහු නම් සැබැවින්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇති, අත්දැකීම් සමුදායකින් සපිරුණු
වටිනා මනුස්සයෙක් ..?

* කතාබහ  අවසානයේදී අපෙන් සමුගත්  මංගල සමරවීර  මැතිතුමන් රනිල් මැතිදුන් ගැන කිවූ දේත් බලන්න නම් අමතක  කරන්න එපා හොදේ..?

.



Leader Whats app





බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 


තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්