1200 x 80 DMirror

 
 

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ආසන්න වෙමින් තිබියදී දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය

කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වුනේ බලය විමධ්‍යගත කරගැනීම වෙනුවෙන් ඉන්දීය මැදිහත්වීමක් ඉල්ලා TNA ප්‍රමුඛ දෙමළ පක්ෂ හයක් විසින් අගමැති නරේන්ද්‍ර මෝඩිට සන්දේශයක් යවා දෙසතියක් ගතවෙද්දීය.

''ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න රට තුල විසඳා ගන්න පුළුවන්. ඒකට හොඳම මාර්ගය ජනාධිපති, අගමැති සමග හා  පාර්ලිමේන්තුව තුල නිරාකරණය කර ගැනීම.දෙමළ ජාතික සන්ධානයට ජනාධිපති අතර සාකච්ජා හමුවක් ඉතා ඉක්මනින් පවත්වන්න අපි අපේක්‍ෂා කරනවා,''යි විදේශ ඇමැති ජි.ඇල් පීරිස් ඊයේ [30] යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී  ප්‍රදේශයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙස පැවසීය.

දෙමළ ජාතික සන්ධානය සමග මෙයින් මාස හතකට ඉහතදී ජනාධිපතිවරයා විසින් යොදාගෙන තිබුණු සාකච්ඡාවක් කිසිදු හේතු දැක්වීමකින් තොරව අවලංගු කර තිබුණි.

විදේශ ඇමතිවරයා යාපනයේදී කියා සිටියේ නව ව්‍යවස්ථාව සම්පාදනයට පෙර සියලු දේශපාලන පක්‍ෂ සමග සාකච්ජා කරන බවයි.

 

ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජාවක් ඉදිරියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ද සහතික කොට තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ පසුගිය සතියේ දී තමන් හමුවූ විදේශ ඇමැති පීරිස්  මේ බව දැනුම් දුන් බවයි.

 

''දෙමළ ජාතික සන්ධානයත් එක්ක කතා කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කැමැත්ත පළ කරා කියා විදේශ ඇමැති පීරිස් කිව්වා. දින වකවානු ඉක්මනින් දන්වයි. අපිත් එක්ක කතා කරන්න ජනාධිපති පහුගිය ජුනි මාසේ දින නියම කරන් හිටියත් අන්තිම මොහොතේ එය දැම්මා. දැන් ආයෙත් TNA එක්ක කතා කරන්න ආණ්ඩුව ලක ලැහැස්තිවෙනවා,''යැයි TNA මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් සඳහන් කරයි.

විදේශ අමාත්‍යවරයා මෙන්ම උතුරේ ජංගම සේවා පවත්වාගෙන යමින් දෙමළ මව්වරුන්ගේ විරෝධයට ලක්ව සිටින අධිකරණ අමාත්‍ය අලි සබ්රි ද සමග TNA මන්ත්‍රීවරයා යාපනයේදී උදෑසන ආහාර වේලක් සඳහා ද එක් වී තිබේ.



සබැඳි පුවත් :

TNA, ‘ඉන්දියාවේ උවමනාවට’ පෙළ ගැසෙන බවට චෝදනා


ආණ්ඩුවට ඉන්දියාව ලවා බලපෑම් කිරීමට දෙමළ පක්ෂ 7ක් එක්වෙයි

සුළුජන පීඩක ඉන්දිය අගමැතිගෙන් ලංකාවට යුක්තිය ඉල්ලීමට විරෝධය

දෙමළ-මුස්ලිම් හවුල් ලියවිල්ලට තමිල් අරසු කච්චි නෑ

අගමැති මෝඩිට දෙන දෙමළ-මුස්ලිම් හවුල් ලියැවිල්ල ගැන අදත් සාකච්ඡා

ශ්‍රීලනිපයෙන් දෙමළ-මුස්ලිම් එක්සත් කමට උදැල්ලක් !

ග්ලෝබල් ටවර් දෙමළ-මුස්ලිම්නායක සාකච්ඡාවේ කතා කළේ මොනවාද?


subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්