ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග පහකින් සමන්විත විස්ස යි විස්ස තරගාවලියකට සහභාගිවීම සඳහා පෙබරවාරි මස තුන්වෙනි දා ඕස්ට්‍රේලියාව බලා

පිටත්ව යාමට නියමිත ය.

මෙම තරගාවලියට එක්වන විසිදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය පසුගිය දා ප්‍රකාශයට පත්කළ අතර, මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ දසුන් ශානක විසිනි.

තරගාවලියට නම්කර ඇති අනෙක් ක්‍රීඩකයින් වන්නේ,

#  චරිත් අසලංක
#  අවිශ්ක ප්‍රනාන්දු
# පැතුම් නිස්සංක
# ධනුෂ්ක ගුණතිලක
# කුසල් මෙන්ඩිස්
# දිනේෂ් චන්දිමාල්
# චාමික කරුණාරත්න,
# ජනිත් ලියනගේ
# කමිල් මිෂාර
# රමේෂ් මෙන්ඩිස්
# වනිඳු හසරංග
# ලහිරු කුමාර
# නුවන් තුෂාර
# දුෂ්මන්ත චමීර
# බිනුර ප්‍රනාන්දු
# මහීෂ් තීක්ෂණ
# ජෙෆ්රි වැන්ඩර්සේ
# ප්‍රවීන් ජයවික්‍රම
# ශිරාන් ප්‍රනාන්දු



තරග තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක ජාතික කණ්ඩායමට කැඳවුම් ලැබූ පළමු අවස්ථාව මෙය යි.

ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂට මේ සංචිතයේ ස්ථානයක් හිමිවී නැති අතර, ඊට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර නැත.

නමුත් භානුක සිය Instagram ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ශාරීරික යෝග්‍යතාව නොමැති නිසා කණ්ඩායමේ ස්ථානය අහිමිවූ බවට පළවන වාර්තා අසත්‍ය බව ත් තමන් එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට දිනයක් ලබාදෙන තෙක් බලා සිටින බවයි.

Banuka's Instagram post

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති නුවන් තුෂාර, කමිල් මිශාර, සහ ජනිත් ලියනගේ මෙවර ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව විස්ස යි විස්ස තරගයක දී මුණගැසුනේ පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති විස්ස යි විස්ස ලෝක කුසලානයේ දී ය. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතකින් පරාජයට පත්විය.

කෙසේ වෙතත්, දෙරට අවසන් වරට විස්ස යි විස්ස තරගාවලියක දී මුණගැසුණේ 2019 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ය. එම තරගාවලියත් තරග 3-0ක් ලෙස ජයගන්නට ඕස්ට්‍රේලියාව සමත්වුණි.

දෙරට අතර මේ දක්වා විස්ස යි විස්ස තරගාවලි 6ක් පවත්වා ඇති අතර, ඉන් තරගාවලි හතරක් ශ්‍රී ලංකාව ජයගනිද්දී, ඕස්ට්‍රේලියාව ජයගෙන ඇත්තේ තරගාවලි දෙකක් පමණකි.

නමුත් දෙරට අතර මෙතෙන් පවත්වා ඇති විස්ස යි විස්ස තරග 17න් අටක් ශ්‍රී ලංකා ජයගත් අතර, නවයක් ඕස්ට්‍රේලියාව ජයගත්තේ ය.

ඕස්ට්‍රේලියාව විස්ස යි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු විස්සයි විස්ස යි තරගයකට පළමුවරට සහභාගී වන්නේ මේ තරගාවලියේ දී ය. මේ නිසා ශ්‍රී ලංකාවට විස්ස යි විස්ස ලෝක ශූරයන්ගෙන් දැඩි පීඩනයක් එල්ලවනු ඇති බවට ක්‍රිකට් විචාරකයින් පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ද ලෝක කුසලානයෙන් පසු එක්වන පළමු විස්ස යි විස්ස තරගාවලිය මෙය යි.

මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් තරගාවලියක් වන බවට ක්‍රිකට් විචාරකයින් පවසයි. ඊට හේතු වන්නේ ලබන ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වන විස්ස යි විස්ස ලෝක කුසලානයට පෙර එරට දී ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගාවලිය මෙය වීම බවයි.

එම නිසා ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියා තණතීරු පිළිබඳව අත්දැකීම් ලබාගැනීමට මේ තරගාවලිය අතිශය වැදගත් අවස්ථාවක් බවට පත්වන බවට ඔවුන් පවසයි. ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වන්නට ද සිදුව ඇත.

පළමු වරට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව විස්ස යි විස්ස තරගයක දී මුණගැසෙන්නේ 2007 වසරේ දී ය. ඒ, දකුණු අප්‍රිකාවේ දී පැවති විස්ස යි විස්ස ලෝක කුසලානයේ දී යි. එම තරගය කඩුලු 10කින් ජයගන්නට ඕස්ට්‍රේලියාව සමත්වුණේ ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ නායකත්වයෙනි. එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ මහේල ජයවර්ධන යි.

කෙසේවතත් 2010 දී පැවති විස්ස යි විස්ස තරගය සහ 2011 සහ 2013 දී පැවති තරග දෙකකින් සමන්විත විස්ස යි විස්ස තරගාවලි 2-0 ලෙස අවස්ථා දෙකේ දීම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

2016 දී පැවති තරගාවලිය ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස ජග්‍රහණය කළ අතර, 2017 දී පැවති තරගාවලිය 2-1ක් ලෙස ජයගත්තේ ශ්‍රී ලංකාව යි. එම තරගාවලියේ දී අසේල ගුණරත්න දැක්වූ දක්ෂතා තවමත් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ මතකයෙන් ගිලිහීගොස් නැති බවට ක්‍රිකට් විචාරකයින් පවසයි .

නමුත් අවසන් වරට දෙරට මුණගැසුණු 2019 දී පැවති තරගාවලිය ඕස්ට්‍රේලියාව 3-0ක් ලෙස ජයග්‍රහණය කළේ ය.

මෙවර ශ්‍රී ලංකා- ඕස්ට්‍රේලියා විස්ස යි විස්ස තරගාවලියේ පළමු තරගය පෙබරවාරි මස 11වෙනිදාත්, දෙවන තරගය 13 වෙනිදාත් සිඩ්නි නුවර දී පැවැත්වීමට නියමිත ය.

තුන්වන තරගය පෙබරවාරි මස 15 වෙනිදා කැන්බරාහි දී පැවැත්වෙනු ඇත. අවසන් තරග දෙක 18 සහ 20 යන දෙදින මෙල්බර්න් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.


(BBC සිංහල සේවය)

Leader Whats app




සර් ගිලපු අලිසබ්‍රිගේ අලි ලනුව ! | අද ගොසිප් එක



තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්