ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ දි ජාතික ජනබලවේගයක් රැස්විමකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන

 ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග  ජනාධිපතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.

ජනාධිපතිවරයා හා පොලිස්පතිවරයා  වෙත ලිපියක් යවමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අවධාරණය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේ ඕනෑම ප්‍ර දේශයක දේශපාලන රැස්විමක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමන් පිළිගන්නා බවත් ඊට ගරු කරන බවත්ය.

 ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව මෙවැනි පහත් පෙළේ ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බවත් ඒ නිසා මේ සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු ජනාධිපතිවරයා හා පොලිස්පතිවරයාගේ වෙත යැවු ලිපිවල සදහන් වේ.

මෙම බිත්තර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට හා ඊට අනුබල දුන් පුද්ගලයන්ට ද ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන ලෙස ද අමාත්‍යවරයා සිය ලිපි මගින් ඉල්ලා තිබේ.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඇමති ප්‍රසන්න රණතුංග මෙම සිද්ධියට තමන් සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාර දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බවත් මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස තමන් දැඩි ලෙස හෙළා දකින බව ද ඔහු අවධාරණය කරයි.

272811773 499961994818311 4690607087679256888 n273002640 499961931484984 6193826725574144307 n

 
 
 

Leader Whats app




සර් ගිලපු අලිසබ්‍රිගේ අලි ලනුව ! | අද ගොසිප් එක



තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්