ඉන්දියාවේ උවමනාව මත ජනතාව ඒකීය රාජ්‍යයක් තුල කොටු කිරීමේ සැලසුමක් ලෙස

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් හෙලා දැකීමට දහස් ගණනින් ජනයා එක්ව යාපනයේදී විරෝධය දක්වා තිබේ.

''තිස් හතර අවුරුද්දකට කලින් ජනතාව ප්‍රතික්ෂේප කරපු ඒකීය රාජ්‍ය පාලනය තවදුරටත් ඔසවන දෙමළ පක්‍ෂ ඉන්දියාවේ අල්ලේ නැටවෙමින්, සිංහල නායකයන්ගේ න්‍යාය පත්‍රයට අනුව ජනතාව රවටනවා,'' යි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියා සිටියේ යාපනේ නල්ලුර් වලට රැස්වූ දහස් ගණන් '13 වැනි ව්‍යවස්ථා සංශෝධන' විරෝධී ජනයා අමතමිනි.

 ඉන්දීය සාම සාධක හමුදාව රටින් පිටවන ලෙස ඉල්ලා උපවාස කරමින් ජිවිත පරිත්‍යාග කළ දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ යාපනය දිස්ත්‍රික් දේශපාලන නායක රාසයියා පාර්තිපන් හෙවත් කර්නල් තිලීපන් ගේ නල්ලුර් පිහිටි සමරු ස්මාරකය අසලින් ඊයේ [30] උදෑසන ඇරඹි `13 එපා` රථ පෙළපාලිය සංගිලියන් උද්‍යානය දක්වා ගමන් කළේය.


TNPFTNPF නායක  ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්

 එහිදී පැවති විරෝධතා රැලියේදී TNPF නායක පොන්නම්බලම් වැඩි දුරටත් කියා සිටියේ, ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට ජනතා වරමින් පාර්ලිමේන්තු ගිය 11 දෙනකු, ඒකීය රාජ්‍ය පාලනය ඔසවමින්, නව ව්‍යවස්ථාවක් ගෙනෙන බව පවසන ආණ්ඩුවට සහාය වන බවයි.

''ඉදිරි මැතිවරණයේදී අපට ඡන්දය දෙන්න ඕනේ නැහැ. නමුත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ක්‍රියා කර ඒකට සහාය දක්වන අය එළවා දමන්න,'' යැයි TNPF නායකයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.



13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නට ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉල්ලා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත දෙමළ පක්‍ෂ හයක නායකයන්ගේ අත්සනින් යුත් ලියවිල්ලක් පසුගිය දා යොමු කෙරිණි.



දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙම විරෝධතා ව්‍යාපාරය ''13 එපා'' යන සටන්පාඨය ඔස්සේ ඉකුත් 27 වැනිදා වවුනියාවේ පොංගු තමිල් ස්මාරක අසලින් ආරම්භ කෙරුනි. වවුනියා නගරය ඔස්සේ ගමන් ගත් විරෝධතා රථ පෙළපාලිය `ඒ නයින්` මාර්ගය ඔස්සේ නෙදුන්කර්නි හරහා මුලතිව් දක්වා ගමන් කොට ජනවාරි 28 වැනිදා යාපනය නගරයට සේන්දු විය. 29 වැනිදා විරෝධතා රථ පෙළ වඩුක්කෝට්ටෙයි TNPF කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කොට ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදා හරිමින්, ප්‍රදේශය පුරා විදී සංචාරය කළේය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මළගම සංකේතවත් කරමින් විරෝධතා කරුවෝ මිනීපෙට්ටියක් කරතබාගෙන ගියහ.

සිව් දිනක් පුරා පැවති විරෝධතා රථ පෙළපාලියට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, නීතිඥ කනගරත්නම් සුගාස් ඇතුළු එම පක්ෂයේ පලාත් පාලන නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් රැසක් එක්වූ අතර අතුරුදහන් කළවුන්ගේ ඥාතින්ද විවිධ අවස්ථාවන් හිදී මීට එක්වී තිබේ. 

 

  

Leader Whats app




ආකල්ප හදන්න ගිය නාමල්ට උතුර දකුණ මාරුවෙයි ! | මොණරවිලගේ ලියමන 
 

 
 
සර් ගිලපු අලිසබ්‍රිගේ අලි ලනුව ! | අද ගොසිප් එක



 
තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්