ඩොලර් හිඟය නිසා කඩදාසි ආනයනය අවම වීමෙන් මුද්‍රණ කර්මාන්තය ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.



කඩදාසි ආනයනය අවම වීම නිසා වෙළඳපොලේ කඩදාසි මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන අතර මේ හේතුවෙන් පොත් මුද්‍රණය සැලකිය යුතු ලෙස නැවතී ඇත.

පොත් මුද්‍රණයට ගන්නා කඩදාසි මිල සියයට 150 කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර පවසයි.

'නෙත් නිවුස්' මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසිය.



මෙලෙස කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පොත් මුද්‍රණයට දැඩි ලෙස බලපෑම් එල්ලවී ඇති බවත්, පොත් මිල වැඩිවීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර කියා සිටියි.



පොත් කර්මාන්තයේදී පොතක මුද්‍රණ වියදමෙන් සියයට 30 ත් 32 ත් අතර වැයවන්නේ කඩදාසි සඳහායි. ඒ අනුව කඩදාසි සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙස පොත් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසති. 

 
 Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image