ජන සංහාරයකින් හමාර වූ යුද්ධයේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙනුවෙන් කළු සල්ලි වියදම් කළ බව හෙළිකළ මුදල් ඇමැතිවරයාගේ ප්‍රකාශය

ප්‍රතික්ෂේප කිරීමට විදේශ අමාත්‍යාංශය ඉදිරිපත්ව සිටී.

අවි ආයුධ මිලදී ගැනීම සඳහා රජය විසින් කළු කඩයෙන් මිලදී ගත් ඩොලර් වැය කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සති අන්ත පුවත් පතකින් කරන ලද ප්‍රකාශය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයට ලක් විය.

“යුද්දේ යන වෙලාවේ බුෂ් මාස්ටර් ගැන එකට අපි පතුරොම් ගත්තේ කොහොමද? උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොමද? ඒ නිසා යුද්දෙට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය බ්ලැක් මාකට් එකේ සල්ලි වලින්,” යැයි බැසිල් රාජපක්ෂ ඉරිදා දිවයින පුවත්පතේ ශ්‍යාම් නුවන් ගනේවත්තට පවසා තිබුණි. බුෂ් මාස්ටර් යනු ඇමරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියකි.

පිටකොටුවේ මුදලාලිලාගෙන් එසේ ඩොලර් මිලදී ගැනීමට සහාය වූ අයකු ලෙස හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස සුමිත් අබේසිංහ ද නම් කොට තිබුණි.

 

රාජ්‍ය වියදම් සඳහා කළු සල්ලි පාවිච්චි කළ බව ජනපති, අගමැති සොයුරා ප්‍රකාශ කොට තිබුණේ  යුරෝපා සංගමය සමග අනාගත ආයෝජන සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඉහළ පෙලේ සාකච්ඡාවක් පැවැත්වීමට කලින් දවසේය.

 

ශ්‍රී ලංකාවේ මුල්‍ය ගනුදෙනුවල නීතිමය වලංගු භාවය ජනවාරි 31 දා පැවති එම සාකච්ඡාවේ අවධානය  යොමුවී තිබේ.

“වර්ධනයක් අත් කර ගැනීම සඳහා වන ප්‍රධාන සාධක වන  වෙළෙඳාම සහ ආයෝජන සඳහා ස්ථාවර නෛතික හා පරිපාලන රාමුවක් පැවතිය යුතු බව යුරෝපා සංගමයේ ව්‍යාපාර හා වාණිජ මණ්ඩලයේ අවධානයට ලක්විය,” යි කොළඹ පිහිටි යුරෝපා සංගම් දූත මණ්ඩල කාර්යාලය නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වේ.

ඊට පසුදා ආණ්ඩුව පවසා තිබුනේ කොරියන් ආයුධ සඳහා කළු සල්ලි යෙදවු බවට බැසිල් රාජපක්ෂ කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. එහෙත්, ඒ විදේශ අමාත්‍යාංශය හරහාය.

Screenshot 2022 02 01 180408

“ශ්‍රී ලංකාව කළුකඩේ ඩොලර් යොදාගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීම පිලිබඳ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව මුදල් ඇමැති ගරු බැසිල් රාජපක්ෂ සමග විදේශ අමාත්‍ය ජී ඇල් පීරිස් කළ සාකච්ඡාවකින් පසු විදේශ අමාත්‍යාංශය තහවුරු කර ඇත,” යි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉංග්‍රීසියෙන් නිකුත් කළ ට්විටර් පණිවිඩයකින් දැනුම් දී ඇත.

ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කළු ඩොලර් යොදාගත් බවට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කළ ප්‍රකාශය මුදල් ඇමැති හෝ මුදල් අමාත්‍යාංශය හෝ මේ වනතෙක් ප්‍රතික්ෂේප කොට නැත.




 Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්